*
Friday, May 3, 2024
spot_img

Latest Posts

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට !

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නුදුරේදීම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

රෝහිත බෝගොල්ලාගම මහතාට මීට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා මෙන් ආරාධනා ලැබී තිබුණ ද ඒ මහතා එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබිණි.

රෝහිත බෝගොල්ලාගම මහතා සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර හිතවාදියකු වශයෙනි. ඒ අනුව ඇමරිකාවේ හෝ එංගලන්තයේ පත්වීමක් ලබාදෙන්නේ නම් එය පිළිගැනීමට සූදානම් බව ඒ මහතා ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටින අතර එහිදී ඒ මහතා යුරෝපා පාර්ලිමේන්තු සාමාජික නෙරංජන් දේවාදිත්‍ය මහතාගේ උපන් දින උත්සවයට ද සහභාගී වීමට නියමිත ය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ය.

එම සංචාරයන් අවසන් කර ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසුව රෝහිත බෝගොල්ලාගම මහතාව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කරනු ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan