සාම සාධක මෙහෙයුම් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදෙස් මාධ්‍ය වාර්තා කරනනේ , සිය රට තුළ සිදු කරන සාම සාධක මෙහෙයුම් අවසන් කරන ලෙස, මාලි හමුදා රජය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවත්,  එක්සත් ජාතීන්ගේ සංවිධානය මාලි රජයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි .

එරට රජය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ,
දශකයකට ආසන්න කාලයක් රට තුළ සාම සාධක කටයුතුවල නිරත වූවත් එහි සාර්ථකත්වයක් නොමැති බවට පවසමිනුයි.

බංග්ලාදේශය සහ පකිස්ථානය ඇතුළු රටවල් 60කට අධික සංඛ්‍යාවකින් සොල්දාදුවන් 15,000කට වැඩි පිරිසක් සාම සාධක කටයුතුවල නිරත වන අතර සාම සාධක කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමට නම් මෙම මස 30වනදා වනවිට එම යෝජනාව දීර්ඝ කර ගත යුතු බවයි. ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් නව දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දිය යුතු වනවා.

සත්කාරක රටේ අවසරයකින් තොරව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සිදු කිරීම “බොහෝ දුරට කළ නොහැකි” බව ,  සාම සාධක හමුදා ඉවත් කරගන්නා ලෙසට මාලි රාජ්‍යය කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මාලි හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ ප්‍රධානී El Ghassim Wane ප්‍රකාශ කර ඇත්තේ,

මෙම තත්ත්වය වාර්තා වන්නේ, සාම සාධක හමුදා සිය රටෙන් ඉවත් කරගන්නා ලෙසට මාලි රාජ්‍යය තුළ විරෝධතා ද පවතින පසුබිමක වන අතර , ගත වූ වසර 10 තුළ සිදු කළ මෙහෙයුම්වලදී සාම සාධක භටයන් 300කට වැඩි පිරිසක් ද ඝාතනය වී ඇති බව සඳහන්.

මාලි රාජ්‍යය තුළ මේ වනවිට ශ්‍රී ලාංකික සොල්දාදුවන් සංඛ්‍යාව 500කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරත වන අතර , යම් හෙයකින් මාලි රාජ්‍යයෙන් සාම සාධක හමුදා ඉවත් කරගැනීමට සිදු වුව හොත් ලාංකික සෙබළුන්ට කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා ප්‍රකාශ කළේ , එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙතෙක් එවැනි තීරණයක් සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...