*
Friday, May 3, 2024
spot_img

Latest Posts

විදුලි සේවකයින් 21 ලෙඩවෙයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් එළඹෙන 21 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් විරෝධතාවක් කැඳවා තිබේ.

ඒ, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට එරෙහිවයි.

ඒ අනුව එදිනට ලංවිම සියලු සේවකයින් කොළඹට පැමිණීමට නියමිත අතර විහාර මහා දේවි උද්‍යානයේ පැවැත්වෙන සමුළුවේදී එම ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව යෝජනා සම්මත අකර ගැනීමටද නියමිතයි.

විදුලි ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තීය සමිති 27 ඒ සඳහා සහය පළකර ඇත.

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් විකිණීමට සැලසුම් අකර ඇති බවත් එය සමාගම් 15කට විකිණීමට නියමිත බවයි ලංවිම වෘත්තීය සමිති පවසන්නේ.

එම ප්‍රතිව්‍යුහගත කිරීමේ කෙටුම්පත සක කරන්නේද විදෙස් සමාගමක් බව සඳහන්.

මෙකි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අනුව එළඹෙන ජනවාරි සිට ඩිජිටල් මීටර් සවි කිරීමට නියමිත බවත් ඒ අනුව දුරකථන සම්බන්දතා මෙන් විසන්ධි කිරීමේ හැකියාව පවතින බවත් වෘත්තීය සමිති පෙන්වාදෙයි.

මෙම වැඩපිළිවෙල හරහා සේවකයින් එළියට දැමීමක් මෙන්ම 2048 වන විට ජනතාවට බලශක්ති අයිතියත් අහිමි වන තත්ත්වයක් පවතින බව විදුලි වෘත්තීය සමිති අවධාරණය කරයි.

එළඹෙන 21 වැනිදා වැඩවර්ජනයක් ක්‍රියාත්මක නොවුණද ලෙඩ නිවාඩු වාර්තා කිරීම නිසා බාධාවන් මතුවිය හැකි නමුත් බලාගාර ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් ඔවුන් තවදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan