සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): වඩා විධිමත් කිරීමේ අරමුණින් කරුංකා අපනයන ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත .
ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මෙරටින් බදු රහිතව ඉන්දියාවට අපනයනය කෙරෙන වාර්ෂික කරුංකා කෝටාව විධිමත් ලෙස සැලසුම් කිරීම මෙම ඩිජිටල් වැඩපිළිවෙළෙහි අරමුණ වන බව සඳහන්.
ඒ අනුව වෙළඳ අමාත්‍යංශය ප්‍රකාශ කළේ , ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක් එක් කරුංකා අපනයනකරුවාට හිමි නිශ්චිත කෝටාව සංඛ්‍යාත්මක වශයෙන් දත්ත පද්ධතියට ඇතුළත්කෙරෙන අතර එම කෝටාව ප්‍රයෝජනයට නොගන්නා අපනයනකරුවන් යම් කාල සීමාවකින් පසුව එම පද්ධතියෙන් ඉවත් කරන බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??