*
Friday, June 28, 2024
spot_img

Latest Posts

රනිල් ගැන තාම තීරණයක් නැහැ.බලමු.දිනන්න පුළුවන් කෙනා අපි ගේනවා – නාමල්

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගනු ලබන තීරණ ගැන විවිධ කටකතා පැවතියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස හැමවිටම තීරණ ගන්නේ සිය නියෝජනය වන කඳවුර රැකගැනීම මෙන්ම පාක්ෂිකයා රැකගැනීම වෙනුවෙනුත් බව මන්ත්‍රීවරයා කියාසිටියි.

”රනිඔල් වික්‍රමසිංහ එක්ක යනවා ද නැද්ද කියන එක ගැන නොයෙක් කටකතා තියෙනවා. එහෙමනේ දේශපාලනයේ හැටි. කටකතා විශ්වාස කරලා දේශපාලන ප්‍රතිපත්ති හදලවත් හුදෙක් බලය ලබා ගැනීම සඳහා අපි දේශපාලන වාසි වලට වැඩකරන දේශපාලන බලවේගයක් නෙවෙයි. මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් රටේ ඒකීයත්වය වෙනුවෙන් අපි විශ්වාසකරන දේශපාලන කඳවුර ආරක්ෂා කරගැනීමට දේශපාලන තීන්දු ගත්තු සහ ගන්න පිරිසක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට කටකතා හදන්න පුළුවන්. පක්ෂය විවෘතයි එන්න පුළුවන්.යන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි මේ රටටත් පාක්ෂිකයටත් පක්ෂයත් සාධාරණය වෙනුවෙන් කැපවෙනවා.”

ඒ අනුව කලබලයක් නැතුව ජයග්‍රහණය කළ හැකි පුද්ගලයාගේ නම ගම වාසගම නොබලා මැතිවරණයට ඉදිරිපත් කරන බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ගැනද තවදුරටත් පක්ෂය තුළ සාකච්ජා වෙමින් තිබෙන බවඩ් හෙතෙම සඳහන් කරයි.

”එතුමාගේ කඳවුරේ ඉන්න සමහරු කියනවා පොහොට්ටුව එක්ක ගියොත් දිනන්න බැහැ කියල. ඒ වගේම එතුමාගේ කඳවුරේ සමහරු කියනවා පොහොට්ටුව එක්ක යා යුතුයි කියල. අපි විශ්වස කරනවා අපේ කඳවුර ආරක්ෂා කරන්න පුළුවන් කෙනා එක්ක අපි යන්න ඕනේ. වගකීමෙන් කියනවා අපේ ප්‍රතිපත්ති හෝ පාක්ෂිකයා හෑල්ලු වෙන්න ඉඩතියන්නේ නැහැ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan