*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

( VIDEO )මීටර් 800 ලෝක වාර්තාලාභිණියගේ මීටර් 600 ත් අභිබවා ගිය තරුශි ආසියානු වාර්තාවක් සමඟ ස්පාඤ්ඤයේ දී දෙවන තැනට

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 19, කොළඹ (LNW):

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ තරුශි කරුණාරත්න මීටර් 600 ඉසව්වෙන් දෙවන තැනත්,කාලිංග කුමාර මීටර් 400 ඉසව්වෙන් තෙවන තැනත් දිනා ගන්නට සමත් වුණා.ඒ අතරින් තරුශි මීටර් 600 තරගයේ දී වාර්තා කළ කාලය ආසියානු ක්‍රීඩිකාවක් මීටර් 600 ඉසව්වක් සඳහා වාර්තා කරන ලද හොඳම කාලය ලෙස ආසියානු වාර්තාවක් හැටියට එක් වෙනවා.


මෙහිදී තරුශිගේ දක්ෂතාවය තවත් වැදගත් වන්නේ මීට ලෙර ආසියානු ක්‍රීඩිකාවක මීටර් 600 ඉසව්ව සඳහා වාර්තා කර තිබෙන හොඳම කාoලය හැටියට පැවති ජපානයේ අයනෝ සොමී තබා තිබූ විනාඩි 1:28.06 ක වාර්තාව තත්පර තුනකට වැඩි කාලයකින් තරුශි විසින් ඉක්මවා යාම නිසයි.ලෝකයේ මීටර් 600 කාන්තා ඉසව්වට වාර්තා කර තිබෙන හොඳම කාලයන් අතර එම කාලය 29 වන තැන තිබෙන අතර ඒ දක්වා තිබෙන කාලයන් සළකද්දී ඇතැම් ක්‍රීඩිකාවන් අවස්ථා කිහිපයකදී විනාඩි 1:24.84 ට වඩා ඉදිරියෙන් සිටින නිසා තරුශි එම ඉසව්වේ හොඳම කාලය වාර්තා කර තිබෙන ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය සළකා බැලුව විට මුල් 25 දෙනා අතර රැඳී සිටිනවා. (මෙම ලේඛණය මීටර් 600 ඉසව්ව පාදක කරගෙන කර ඇති සළකා බැලීමක් නොවන අතර මීටර් 800 ධාවනයේදී මීටර් 600 ක් දිව යාම ද සැළකිල්ලට ගෙන සකසා තිබෙන සටහනකි)


https://bit.ly/3KLPLwa


තරුශි මෙම ලේඛණය සළකා බලද්දී මීටර් 600 ඉසව්වේ දී මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව ලෙස 1983 සිට නොකැඩී පැවතෙන විනාඩි 1;53.28 ක කාලයක් වාර්තා කළ චෙකොස්ලොවේකියාවේ ජමීලා ක්‍රැටොච්විලෝවා මීටර් 600 සඳහා වාර්තා කර තිබෙන හොඳම කාලයට වඩා ඉදිරියෙන් රැඳෙන්නට තරුශිට හැකිව තිබෙනවා.ජමීලා 1983 දී ම මීටර් 600 වෙනුවෙන් විද්‍යුත් කාල ගණක මැනීමකට අයත් නොවන මැන බැලීමකදී වාර්තා කර තිබෙන හොඳම කාලය වන්නේ විනාඩි 1:25.0 කි.එය ද ඇය මීටර් 800 ලෝක වාර්තාව තැබූ අවස්ථාවේදී මිටර් 600 ක දුර සමඟ තබා තිබීමක් වීම වඩාත් වැදගත් වෙනවා.


එසේම මීටර් 600 ඉසව්වක් ක්‍රීඩිකාවක නිමා කරපුු හොඳම කාලයන් හා සසඳද්දී තරුශි දැක් වූ දක්ෂතාවය ලොව හොඳම 23 වන කාලය ලෙස පවතින අතර එම තරගය ජයගත් ඕස්ට්‍රේලියාවේ බෙන්ඩර් ඔබොයා වාර්තා කළ කාලය වන විනාඩි 1:24.53 ලොව 17 වන තැනට පත් වෙනවා.එසේම මෙම 23 දෙනා සළකා බලද්දී අඩුම වයසෙන් එම ලැයිස්තුවට ඇතුළත් වී සිටින්නේ ද තරුශීයි.ඇය ඊයේ මේ දස්කම දක්වන විට වයස අවුරුදු 19 යි මාස 7 ක් වූ අතර මෙම 23 දෙනා අතරට මීට පෙර පිවිස ඇති ඇමෙරිකාවේ ඇතින්ග් මූ සිය හොඳම කාලය වාර්තා කරන විට වයස අවුරුදු 19 මාස 10 දින 22 ක් ගෙවා තිබෙනවා.මේ සියලු දත්ත වැදගත් වන්නේ ඇය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කෙතරම් වැදගත් ද යන්නත්,කෙතරම් කාලයක් ඇයගේ ඒ වටිනාකම ලබා ගැනීමට රටට හැකියාව තිබේද යන්නත් බලධාරීන්ටත් රට වැසියන්ටත් තේරුම් ගැනීම උදෙසා යි.


තරුශි සහභාගි වූ මෙම තරගයේ දි පැ දස්කම හේතුවෙන් දක්ෂතාවය සඳහා ලකුණු 1172 ක් එකතු වන අතර,සහභාගි වූ තරගාවලිය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයෙන් ලෝකඩ වර්ණ තරගාවලියක් ලෙස පිළිගැනෙන නිසා එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 50 ක් ද එකතු වෙනවා.මේ අනුව ඇයට මේ තරගයේ දී හිමිවන මුළු ලකුණු 1222 ක් වන අතර ඒ අනුව ඇය රෝඩ් ටු පැරිස් ලේඛණයේ මීටර් 800 ඉසව්ව සඳහා සුදුසුකම් ලබන 48 දෙනා අතරට ඒමේ ලේඛණයේ විශාල ප්‍රගතියක් සහිත ඉදිරියට ඒමට නියමිත වෙනවා.


මීටර් 400 තරගයට මේ තරගාවලීයේ දී සහභාගී වූ කාලිංග කුමාර තෙවන ස්ථානය දිනා ගනිමින් වාර්තා කළ කාලය වූයේ තත්පර 45.91 ක කාලයක්.දැනට රෝඩ් ටූ පැරිස් නාම ලේඛණයේ 53 වන තැන සිටින කාලිංගට මෙම දස්කම හේතුවෙන් ලකුණු 1162 ක් හිමි වෙනවා.(1117 + 45)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan