නටාෂා සහ බෲනෝ නීතිපති උපදෙස් මත නිදහස්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

බුදුදහමට අපහාස කිරීමේ චෝදනාවලින් නටාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර යන අය නිදහස් කෙරුණා.

මෝඩාභිමානය නැමැති  වැඩසටහන තුලදී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නැමැත්තියට චෝදනා එල්ල වූ අතර, එස්.එල්. ව්ලොග් නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ මෙම ප්‍රකාශ ප්‍රචාරය කරමින් ඊට අනුබලදීම සම්බන්ධයෙන් , එහි හිමිකරු වන බෲනෝ දිවාකර නැමැත්තාට චෝදනා එල්ල විය.

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ, නටාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර යන අය නීතිපති උපදෙස් මත නිදහස් කරන බවයි.

ඒ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමකට අනුව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...