(VIDEO):මහ බැංකුවේ පඩි වැඩිකරගැනීම වැරදි – ජනාධිපති වාර්තාව කියයි

0
257

කොළඹ LNW: මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩි කර ගැනීම වැරදි බව ඒ සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුව පවසා තිබේ.

එම වාර්තාව නිකුත් කර තිබෙන අතර අද (19) එය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සභා ගත කර තිබුණි.

මහ බැංකුවට අදාළ නව පනත මඟී එය ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමෙන් පසුවයි එම වැටුප් වදී කිරීම ආයතනික අභ්‍යන්තරව සිදුව තිබුණේ.

රටක් ලෙස විශාල ආර්ථික කඩා වැටීමකට ලක්ව සිටින මොහොතක එවැනි මහා පරිමාණ වැටුප් වැඩිවීමක් සිදුකර ගැනීම සදාචාරාත්මක නොවන බවටයි ඊට සමාජයෙන් ද විරෝධය එල්ල වුණේ.

ආශිකා බ්‍රාහ්මණ