(VIDEO):අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් ගැටලුව උග්‍ර වෙද්දී මහබැංකුව හිතුමතේට වැටුප් වැඩි කර ගන්නවා – විපක්ෂ නායකගෙන් චෝදනා

Date:

කොළඹ LNW:විශ්වවිද්‍යාවල අනධ්‍යයන නිලධරීන් සිය වැටුප් ගැටලුවක් නිසා මේ වන විට වැඩ වර්ජනයක නිරත ව සිටින අතර මේ නිසා නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල සියල්ල අකර්මන්‍ය වී ඇති බවත් එවැනි තත්ත්වයක් මත මහබැංකුව සිය වැටුප් වැඩි කිරීම අත්තනෝමතිකව සිදුකර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේම අධ්‍යාපන සේවයේ 241,000ක් ගුරුවරු 12,000-14,000 අතර විදුහල්පතිවරු, ගුරු විදුහල්පති, අනධ්‍යයන, අධ්‍යාපන පරිපාලන ආදී ක්ෂේත්‍ර වැටුප් ගැටලුව නිසා බරපතල අර්බුධයකට ලක්ව ඇති බවත් 40,000ක ගුරු හිගයක් ඇති අවස්ථාවක සංවර්ධන නිලධාරීන් 20,000ක් එම හිඟය පියවන්න විශාල සේවාවක් ඉටු කළ බවත් මේ අයගේ ගැටලු තිබිය දී මහබැංකුව හිතුමතේට වැටුප් වැඩි කර ගත්තේ කෙසේද කියා ගැටලුවක් ඇති බවයි විපක්ෂ නායකවරයා විමසා සිටියේ.

දේශපාලන ඇගිලි ගැසීම් වළක්වා ගන්න මහබැංකුව ස්වාධීන කළත් ඔවුන් එය උපයෝගී කර ගෙන වැටුප් වැඩිකර ගෙන ඇති බවත් මේ සියල්ල වන තුරු ආණ්ඩුව පඹයෙක් සේ සිටින බවත්ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...