සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):
බුදුදහමට අපහාස කිරීමේ චෝදනාවලින් නටාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර යන අය නිදහස් කෙරුණා.
මෝඩාභිමානය නැමැති වැඩසටහන තුලදී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නැමැත්තියට චෝදනා එල්ල වූ අතර, එස්.එල්. ව්ලොග් නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ මෙම ප්‍රකාශ ප්‍රචාරය කරමින් ඊට අනුබලදීම සම්බන්ධයෙන් , එහි හිමිකරු වන බෲනෝ දිවාකර නැමැත්තාට චෝදනා එල්ල විය.
කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ, නටාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර යන අය නීතිපති උපදෙස් මත නිදහස් කරන බවයි.
ඒ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමකට අනුව වේ.