ජෝ බයිඩන් අලුත් වැඩක!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජෝ බයිඩන් විසින් එරට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින් පිරිසකට පුරවැසිභාවය ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව , අමෙරිකානු පුරවැසියන් සමග විවාහ වී සිටින, එහෙත්, ලේඛනගත නොවූ පුද්ගලයින් ලක්ෂ 5කට පළමුව ස්ථිර පදිංචියත්, පසුව පුරවැසිභාවයත් හිමිවනු ඇති බව වාර්තා වේ.

අමෙරිකානු පුරවැසියන්ගේ අවුරුදු 21 ට අඩු, පුරවැසියන් නොවන දරුවන් 50,000 කට ද නව සැලැස්ම යටතේ පුරවැසිභාවය ලබාදීමට නියමිත බව පැවසේ.

වත්මනේ පවතින ක්‍රමවේදය අනුව, ලේඛනගත නොවූ සංක්‍රමණිකයින්, ස්ථිර පදිංචිය සදහා අයැදුම් කිරීමට නම් පළමුව ඔවුන් අමෙරිකාවේ සිට, සිය මව් රට බලා යා යුතුය.  කෙසේ නමුත් යලි නීත්‍යනුකුල ලෙස ඔවුන්ට අමෙරිකාවට පැමිණීමට හැකි වේ ද නොවේ ද යන්න පිළිබඳව කිසිඳු සහතිකයක් නොලැබෙනු ඇත.

ජනාධිපතිවරයාගේ නව සැලැස්ම යටතේ පිටුවහල් වීමකින් තොරව, ආරක්ෂාකාරීව ස්ථිර පදිංචිය සදහා අයැදුම් කිරීමට එම අනවසර සංක්‍රමණිකයින්ට අවස්ථාව හිමිවන බවද විදෙස් වාර්තා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...