‘ෆයිව් අයිස්‘ චීනය දෙසට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළත් ‘ෆයිව් අයිස්‘ නමින් හඳුන්වනු ලබන ජාත්‍යන්තර බුද්ධි සංවිධානය චීනයේ විදෙස් රටවලින් පැමිණ සිටින පුද්ගලයන් සම්බන්ධව අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ මස මුල් භාගයේදී අමෙරිකාව සහ එහි බුද්ධි සේවා වාර්තා උපුටා දක්වමින් එම අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව වැනි රටවල හිටපු ප්‍රහාරක ගුවන්යානා නියමුවන් බඳවා ගන්නා බවත්, ඔවුන් බඳවා ගනු ලබන්නේ දකුණු අප්‍රිකාව සහ චීනය කේන්ද්‍ර කරගත් පෞද්ගලික ආයතන මඟින් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, එම නිලධාරීන් චීන විමුක්ති ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ආධුනික නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා බවත් අමෙරිකානු බුද්ධි සේවා වාර්තා මඟින් අනාවරණය වී ඇති බවයි.

බටහිර රටවල හිටපු ප්‍රහාරක ගුවන්යානා නියමුවන් ඉහළ වැටුප් තලයකට බඳවා ගනු ලබන්නේ බටහිර යුද උපායමාර්ග අත්කර ගැනීමට බව ද අමෙරිකානු බුද්ධි සේවා වාර්තා කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...