ඊශ්‍රායලය බටහිර ආසියාවේ සාමයට තර්ජනයක් වන “පිළිකාවක් වැන්නක්” බව උතුරු කොරියාවෙන් සැර ප්‍රකාශයක්!

Date:

සටහන – පුලී
ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර පිළිබඳව උතුරු කොරියාව සිය අප්‍රසාදය පළ කර තිබේ. එම ප්‍රහාර බිහිසුණු මෙන්ම ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන KCNA අවධාරණය කළේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුමක් මධ්‍යයේ, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල සහාය ලබන ඊශ්‍රායලය බටහිර ආසියාවේ සාමයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල සහාය ලබන ඊශ්‍රායලය බටහිර ආසියාවේ සාමයට තර්ජනයක් වන “පිළිකාවක් වැනි” බව උතුරු කොරියාව ප්‍රබලව පැවසීය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම අද වනවිට හත්වන දිනට ද ළඟා විය.

උතුරු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඉකුත් සිකුරාදා ඉරානයට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ලද මිලිටරි ප්‍රහාරය පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබේ.

ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායලීය ප්‍රහාරය ස්වෛරී රාජ්‍යයක ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කරන බවත් එය මනුෂ්‍යත්වයට එරෙහි සමාව දිය නොහැකි අපරාධයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...