රිමාන්ඩ් කළ කෙහෙළිය ඇතුළු පිරිසට බන්ධනාගාරයේ ලැබුණු තැන!

Date:

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW :

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනගාරායේ ‘එම් – 2’ වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. එළෙස රිමාන්ඩ් කෙරුණේ, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙනි.

බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ, ඔහු සමඟ තවත් රැඳවියන් 07 දෙනෙකු එම වාට්ටුවේ රඳවා සිටින බවයි. මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අවස්ථාවේදී ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළත් කෙරුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මෙම වාට්ටුවටයි.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග අත්අඩංගුවට ගැණුනු ඔහුගේ බිරිඳ සහ දියණිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව ඔවුන් තිදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව සැකකරුවන් තිදෙනා ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, .එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ එක් එක් සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහරින ලෙසයි. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් සැකකරුවන් තිදෙනා ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...