කොච්චර කයිවාරු ගැහුවත් වැඩක් නැහැ.සජිත් කියන්නේ පරාජයේ පියා – රාමලිංගම් චන්ද්‍රසේකරන් (VIDEO)

Date:

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට පරාජයේ ප්‍රතිමූර්තියක් බවට පත්ව තිබෙන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි.

ජනාධිපතිවරණය, මහමැතිවරණය හා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන බවට පැවසුවද මැතිවරණ තුනෙන්ම ඔවුන් පරාද වී ඇති බවයි ඇමතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් පසුගිය සති දෙකක වැනි කාලයක් කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමට හෝ උත්සහ කළද එයද පරාජය වූ බව අමාත්‍යවරයා කියාසිටියේය.

ඒ අනුව මෙරට මැතිවරණ ඉතිහාසයේ පරාජයේ පියා හැටියට සජිත් ප්‍රේමදාස මහතා පත්ව සිටින බවයි චන්ද්‍රසේකරන් මහතා පැවසුවේ.

‘ජනතාව විසින් ඔහුව කුණු කූඩයට දමල තියෙන්නේ. අලුත් නායකත්වයක් ඕනේ කියල සජිත්ගේ පිලෙන්ම දැන් හඩක් නැගෙන බව පේන්න තියෙනවා. අපිව නතර කරන්න කොච්චර උත්සහ කළත් අපි ඉදිරියට යන එක ඔවුන්ට නතර කරන්න බැහැ.අපි ජනතාව වෙනුවෙන් මේ රජය පිහිටුවල තියෙන්නේ. අපි වැඩකරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා දවසින් දවස ජනතාව අපිත් එක්ක බලවත් ලෙස එකතු වෙන එක වළක්වන්න බැහැ.;; යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...