නිපුනි වාසනා පෙරට

Date:

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW:

වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17 න් පහළ සහ 23 න් පහළ ආසියානු මල්ලව පොර සූරතාවලියේ දී නිපුනි වාසනා කසකස්තාන ක්‍රීඩිකා මරාල් ටන්ගිර්බර්ගෙනොවාට එරෙහිව සිය පළමු තරගය ජය ගනු ලැබුවා.කිලෝ ග්‍රෑම් 50 බර පංතියේ යටතෙ තරග වැදුණු නිපුනි සිය නිපුනතාවය කදිමට ප්‍රකට කරමින් ලකුණු 4-0 ක් ලෙස ජය ගනු ලැබුවා.නිපුනිට වඩා විශාල ශරීරයකට හිමිකම් කී කසකස්තාන ක්‍රීඩිකාව සිය හැකියාවෙන් තම පාලනයට යටත් කර ගන්නට නිපුනි සමත් වුණා.


නිපුනි මුහුණ දුන් ඊ ළඟ තරගයේදී දී ඇයට වඩා අත්දැකීම් ඇති මොංගෝලියානු ක්‍රීඩිකා මුන්ක්ජෙරල් මුන්ඛබාට් ට එරෙහිව දැඩි සටනක නිවැලෙමින් පරාජය ලැබුවේ ලකුණු 5-4 ක් ලෙසයි.මේ අනුව නිපුනි රන්,රිදී සහ ලෝකඩ පදක්කම් තීරණය කරන සටන්වලට පෙර පදක්කමක් සඳහා උථ්සාහ ගැනීමට අහැකි අවස්ථාවකට එළැඹ තිබෙනවා.ඇය ඒ සඳහා ඉන්දියාවේ ප්‍රියන්සි ප්‍රජාපත් පරාජය කළ යුතුව තිබෙනවා.
සෙසු ක්‍රීඩිකාවන්ට වඩා අඩු අත්දැකීම් සමඟ නිපුනි මේ දක්වන දක්ෂතා ඉහළ මට්ටමක පවතිනවා.එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් චමෝද්‍ය කේෂානි ද,කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් සුපිරි ක්‍රීඩිකා නෙත්මි අහිංසාද තරග වැදීමට සූදානමින් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...