රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

Date:

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW:

වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මල්ලවපොර සූරතාවලිය නියෝජනය කරන නිපුනි වාසනා ධර්මදාස කිලෝ ග්‍රෑම් 50 බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදි උස්බෙකිස්තාන ක්‍රීඩිකාවක වන මුස්තාරියි ටොලිප්බෙකෝවා ඉදිරියේ පරාජයට පත් වුණා.මෙහිදී රන් පදක්කම ඉන්දියාවේ ප්‍රියන්සි ප්‍රජාපාත්ට හිමි වූ අතර රිදි පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මොංගෝලියානු ක්‍රීඩිකා මරාල් ටන්ගිර්බර්ගෙනොවාට යි.p


නිපුනි වාසනාවට පදක්කම අහිමි වීමට මුල් වූ මෙම ක්‍රීඩිකාවන් තිදෙනා ඉදිරියේ ඇය පරාජය ලැබුවත් පළමු තරගය ජය ගැනීමට සමත් වෙමින් ඇය තරගාවලිය එම තිදෙනාට පමණක් පසුපසින් සිට අවසන් කිරීමට සමත් විම සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි.එම තිදෙනාම 19 හැවිරිදි නිපුනිට වඩා ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් වන අතර එම තත්ත්වය මත නිපුනි අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කර තබා ගත යුතු සම්පතක් ලෙස හැඳින්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...