වව්නියාවේ විරෝධතා – A9 පාරත් වැසෙයි

අද පෙරවරුවේ වව්නියාව නගරයේ ජනතාව මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත විය. ඉන්ධන ලබාදෙන්නැයි ඉල්ලා ජනතාව මෙසේ විරෝධතාවයේ නිරතව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතා හේතුවෙන් A9 මාර්ගය ඇතුළු නගරයේ මාර්ග රැසක වාහන ධාවන කටයුතුවලට බාධා පැමිණි බවද වාර්තා වේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් සැපයුම දැඩිලෙස සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් අතර මේ නිසා රටේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිමේ සිටීමට ජනතාවට සිදුව තිබේ.

මේ නිසා ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ගැටුම්කාරී තත්වයන් පවා වාර්තාවෙමින් තිබෙනවා. ජනතාව පාලනය කිරීම සඳහා පොලීසිය මෙන්ම යුද හමුදාවද යොදවා තිබෙන නමුත් ඔවුන්ටද ජනතා විරෝධය පාලනය කරගත නොහැකි වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...