*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ටෙන්ඩර් වංචාවක් ගැන නාගානන්දගේ අසත්‍ය චෝදනාවට ලිට්‍රෝ පැත්තෙන් පිළිතුරු

ලිට්‍රෝ ගෑස් සමාගමේ මහා ටෙන්ඩර් වංචාවක් සිදුව ඇති බවට නාගානන්ද කොඩිතුවක්කු මහතා යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ නඟන චෝදනා අසත්‍ය බවත් ඔහු ජනප්‍රිය කතාවක අසත්‍ය කොටසකින් පුවතක් මවාගෙන තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා පහත් පෙළේ උත්සාහයක නිරත වී සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

2022-2023 සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් 280000ක් මිලදී ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක් ක්‍රියාත්මක වූ බවත් 2022/03/16 අවසන් වූ එහි අඩුම ලන්සුව siam ගෑස් සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නැව් ගාස්තු ඇමරිකානු ඩොලර් 96ක් වශයෙන් ටෙන්ඩරය අවසන් වී ගිය කාරණාව ප්‍රසිද්ධ කාරණාවක් වන අතර ඒ තුළ ඔහු ගවේෂණය කොට සොයාගත් කිසිදු සාධකයක් නැති බවත් එයින් පසු නාගානන්ද ප්‍රකාශ කරනු ලබන්නේ දැන හෝ නොදැන වැරැදි ප්‍රචාරයන් බවත් ඔවුන් පෙන්වා දෙයි.

2022 මැයි මස 03 ලිට්‍රෝ ගෑස් සමාගම කැබිනට් අනුමැතියෙන් Siam සමාගමට එම සමාගම තෝරා ගත්තා යැයි යොමුකළ ලිපියෙහි දිනය පමණක් දැන ගන්නා නාගානන්ද කොඩිතුවක්කු එක්කෝ එහි සමස්ත අන්තර්ගතය දන්නේ නැති බවත් එසේ නැතිනම් තම අරමුණ උදෙසා හිතාමතාම එම ලිපියෙහි ඉතිරි කොටස් ඉදිරිපත් නොකරන බවත් ඔවුන් සඳහන් කරයි.

වර්තමාන ශ්‍රී ලාංකීය වෙළඳපොළෙහි ගෑස් හිගයක් පවතින බවත් ගිවිසුම් ප්‍රකාරව සැපයුම්කරුගේ (Siam) ආරක්ෂාව සම්බන්ධව ණයවර ලියවිලි සූදානම් කිරීමට (SBLC) යම් කාලයක් ගතවෙන බැවින් ටෙන්ඩර ලන්සු ගත මුදල වන ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 96 කට හදිසි තත්ත්වයක් සේ සලකා ජූනි මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 15000ක් ලබා දෙන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම siam සමාගමෙන් ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කොට නොසලකා හැරී siam සමාගම 2022 මැයි මස 09 ලිට්රෝ ගෑස් ලංකා සමාගමෙන් ඩොලර් මිලියන 30 ක ණයවර ලියවිල්ලක් ( SBLC) ජාත්‍යන්තර බැංකුවක් හරහා නිකුත් කරන ලෙසත් එය නිකුත් කරනා තෙක් ගෑස් ලබා දිය නොහැකි බවත් ප්‍රකාශ කළ බව නාගානන්ද කොඩිතුවක්කු මහතා වසන් කර ඇති බවයි ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

රටේ පවතින තත්වය අනුව ලිට්‍රෝ ගෑස් සමාගමට මේ මොහොතේදී ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයවර ලිපියක් සැපයීමේ හැකියාවක් නොමැතිය යන්න නාගානන්ද කොඩිතුවක්කු මහතා හිතාමතාම නොසලකා හැර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග අවධාරණය කරයි.

2022 මැයි මස 30 ලිට්‍රෝ ගෑස් සමාගමට ලිපියක් යොමුකරන siam ගෑස් සමාගම, 2022 මැයි මස 03 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 15000ක් ලබා දෙන ලෙස ඉල්ලා යොමු කළ ලිපියේ ඉල්ලීමට නැවතත් පිළිතුරු ලබා දී ඇත්තේ මෙම අස්ථාවර තත්ත්වය යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 15000 ලබා දිය නොහැකි බවත් තමන් යෝජනා කරන පරිදි බැංකුවකින් ණයවර ලිපි ( SBLC ) නිකුත් කොට දින දහයකට පසු ගෑස් මෙට්‍රික් ටොන් 6600 ලබා දිය හැකි බවත් එයත් ලබා දිය හැක්කේ ලංසු ගත මුදල වන මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 96කට නොව, ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 112 ක මුදලකට බවත් පවසමිනි.

මේ තත්වය යටතේ මෙම හදිසි මිලදී ගැනීම සඳහා දෙවෙනි අඩුම ලන්සුව හිමි ඕමාන් ට්‍රේඩින් ආයතනයෙන් ( OQ Trading) ගෑස් මෙට්‍රික් ටොන් 15000ක් හදිසි මිලදී ගැනීමට මිල කැඳවූ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ අඩුම වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 100,000 ක්වත් මිලදී ගත යුතු බවත් එහිදී ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා මිල ඇමරිකානු ඩොලර් 129ක් වශයෙනුත් දක්වමිනි. එම මිල ඔවුන් පළමුව ටෙන්ඩර් ඒ සඳහා ලබාදුන් මිලට සමාන විය.

දේශීය වශයෙන් උග්‍ර වන ගෑස් අර්බුදය සහ අඩුම ලංසුවක් ඇති Siam සමාගමට අවශ්‍යතාවයට තරම් ගෑස් ලබාදීමට නොහැකිවීමත් ඔවුන්ට ණයවර ලිපි (SBLC) ලබාදීමට රාජ්‍ය භාණ්ඩාගාරය අපෝසත් වීමත් , siam සමාගම එකිනෙකට පරස්පර මිල ගනන් ඉදිරිපත් කිරීමත් යන අර්බුද හමුවේ.ලාංකීය ගෑස් වෙළෙඳපොළ වඩා උණුසුම් වන්නට වූ අතර 2020 මැයි මස 31 දින එවකට ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා විසින් මෙම හදිසි අවස්ථාවේදී ඕමාන් ට්‍රේඩින් ආයතනයෙන් ගෑස් ලබාගැනීමට මූල්‍යමය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට ලිපියක් ද යොමුකර ඇත.

ඒ අනුව 2022 /06/08 කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ
Siam ආයතනය අඩුම ලංසු ඉදිරිපත් කළ සැපයුම්කරුවා වුවත් මේ ආර්ථික අවපාත අවස්ථාවේ දී රජයට ඒ සඳහා කිසිදු ණයවර ලිපියක් නිකුත් කළ නොහැකි බවත් බැංකුවට හෝ රාජ්‍ය භාණ්ඩාගාරයට එම පහසුකම් සලසා දිය නොහැකි නිසා මෙම siam සමාගමෙහි ටෙන්ඩරය නවතා දමන ලෙසත් ය. තවද නව ටෙන්ඩරයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් දී ඇති අමාත්‍ය මණ්ඩලය වර්තමාන ආර්ථික තත්වය සලකා වඩා වාසිදායක පදනමක් මත ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සලසන ලෙස ද දන්වා ඇත. එසේම දෙවන ලංසු තැබූ සැපයුම්කරුවා වන ඕමාන් ට්‍රේඩින් ආයතනයෙන් මෙම හදිසි ජනතා අවශ්‍යතාවයන් සඳහා ගෑස් ලබාගන්නා ලෙසත් වර්තමාන ආර්ථික අභියෝග මත වඩා වාසිදායක ණය පදනම මත වාසිදායක ගිවිසුම් මත කටයුතු කර එම අවශ්‍යතාවයන් ඉටු කරගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය උපදෙස් දී ඇත.

ඒ අනුව එය හදිසි අවශ්‍යතා මිලදී ගැනීමක් මිස මූලික ටෙන්ඩරය ලබා දීමක් නොවන බවත්, Siam ගෑස් සමාගම ඉන් ඉවත් වූයේ කොමිස් ලබා දීම සම්බන්ධ කතාවක් නිසා නොව ශ්‍රී ලාංකීය රජයට එම සමාගම වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමේ හැකියාවක් නොතිබුණු නිසා බවත් නාගානන්ද කොඩිතුවක්කු මහතා තේරුම්ගත යුතු බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

එසේම ලිට්‍රෝ ගෑස් සමාගමේ වත්මන් සභාපති මුදිත පීරිස් මහතා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5200 සීමාව ඉක්මවා නොයන බව ප්‍රකාශ කර තිබියදීත් නාගානන්ද කොඩිතුවක්කු මහතා ලාෆ් ගෑස් සමාගමෙහි රුපියල් 6800ක මිලට එය සම කරමින් ජනතාව කුපිත කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan