ඩෙංගු රෝගීන් සංඛ්යාව තවදුරටත් ඉහළ ගියහොත් එය මෙරට සෞඛ්ය පද්ධතියට දරාගැනීමට නොහැකි වනු ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
“දීර්ඝ කාලීනව මොනදේ කරන්න ගියත් කෙටි කාලීනව ඩෙංගු රෝගීන් වැඩිවීම පාලන කිරීමට ඇති එකම උත්තරය තමයි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරලා දාන එක. ඒකට කරන්න තියෙන්නෙම තමන්ගේ අවට පිරිසිදුව තබාගැනීම. මීට වඩා වැඩියෙන් රෝගීන් වාර්තා වෙන්න පටන්ගත්තොත් ඒක අපේ රෝහල් පද්ධතියට දරාගන්න බැරි වෙයි. මේ වගේ ප්රශ්නයක් ඉස්සරහාට ගියාම වෙන්නෙ ඒ වගේ දෙයක්. එහෙම වුණොත් තමයි රෝගී සත්කාර බිඳවැටෙන්නේ. මේක තවමත් පාලනය කරගන්න පුළුවන්”
නලින්ද ජයතිස්ස අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති බේරුවල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.


