රනිල් දරුවෝ 10ක් හැදුවත් මේ රටේ පාලනය නම් නැවත දෙන්න ජනතාව සූදානම් නෑ – ඇමති TB

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවතත් මේ රටේ පාලනය භාරදීමට ජනතාව කිසිසේත්ම සූදානම් නැති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ පහුගිය දවස්වල හිටියේ හදිසි අනතුරු ඒකකයේ. හුස්ම ගන්න බෑ කිව්වා, පපුවේ හිල් කිව්වා, මොනවද මං දන්නෑ ගොඩක් කිව්වානෙ, පපුවේ අමාරුව කිව්වා, ස්නායු අමාරුවක් කිව්වා. කල්පනාව නෑ කිව්වා, කට උත්තර දෙන්න බෑ කිව්වා, හරිද ? දැන් කියනවා අවුරුදු 10කට තරුණ වෙලා ලු. එහෙනම් මේ රටේ වයසක මිනිස්සුන්ටත් යූඑන්පී එක ඔය බෙහෙත දුන්නා නම් ඉවරයිනෙ වජිර අබේවර්ධන ? බෙහෙත් එකක් තියෙනවා වගේනෙ පේන්නෙ සජබෙ කෘත්‍යාධිකාරී මණ්ඩලේ. ඒක දීලා රනිල් වික්‍රමසිංහට. දැන් අවුරුදු 10කට මුවහත් වෙලා ලු. මං දැක්කා ඊයෙද පෙරේදාද – කවුද අර බදුල්ලෙන් ආවෙ ? චාමර නෙවෙයි යූඑන්පී එක්කෙනා. හරීන් – හරීන් කිව්වා රනිල් දරුවෙකුත් හදලා එනවාලු රට පාලනයට. දරුවෙකුත් හදලා පාලනයට එනවා කිව්වා ඉස්සරහට. මං දැක්කා ඔය මොකක්හරි මාධ්‍යයක යනවා. හරිද ? අපි කියන්නෙ මෙහෙමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා දරුවෙක් හදන එක පිළිබඳව මට නම් ප්‍රශ්නයක් නෑ, හොඳයි. හැබැයි රනිල්ට දරුවෝ 10ක් හම්බුණත් මේ රටේ පාලනය නම් නැවත රනිල්ට දෙන්න ජනතාව සූදානම් නෑ, ඒක මතක තියාගන්න රනිල්. ඒක මතක තියාගන්න හරීනුත්. දැන් අනේ ලෝකෙත් මෙහෙම වයසක නායකයින්ට ලෝකෙ පාලනය ගිහිල්ලා වෙලා තියෙන දේ පේනවානෙ නේද ? ඈ ? අවුරුදු 80ක් විතර වයසක අයට ගියාපුවාම මොකෝ වෙන්නෙ කියලා ? ගෙදර පාලනයවත් දෙන්නෑ නේද අවුරුදු 80ක් වුණාම. අවුරුදු 80ක් වුණාම සීයා ගෙදර දාලා, බලාගන්න කෙනෙකුත් දාලා නේද ඉන්නෙ ගෙවල්වල ?”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) පොලොන්නරුව ප්‍රදේශයේ ඇල බැම්මක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...