දඹුල්ලේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යය දේව මෙහෙයට සජිත් සහභාගී වෙයි

Date:

දඹුල්ල වාසලකෝට්ටේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ ජාතික සිද්ධස්ථානයේ පැවැති ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යය දේව මෙහෙයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි විය.

මෙම දේවස්ථානය කිතුනු බැතිමතුන්ගේ අතිපූජනීය සිද්ධස්ථානයක් ලෙස සැලකේ.

1696 දී ජුසේවාස් පියතුමා විසින් මෙය ප්‍රති සංවිධානය කොට ගොඩනගා ඇති අතර මෙම පුදබිම ශ්‍රී ලංකාවේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැපවූ පැරණිතම සිද්ධස්ථානය ලෙසද සැලකේ.

දේවස්ථානයේ වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට නවාතැන් ගැනීම සඳහා දේවස්ථාන පරිශ්‍රයේ විශ්‍රාම ශාලාවක අවශ්‍යතාවය එහිදී පියතුමන් ලා විසින් විපක්ෂ නායකවරයාට දැන් වූ අතර පිළිබඳව අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරන බවද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...