*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

චීනයට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයේ විදේශ ඇමති හමුවේ.

අතිශයින් උණුසුම් වී ඇති චීන ඇමරිකා සබඳතාවයන් ස්ථාවර කර ගැනීම අරමුණු කොටගෙන චීනයට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනයේ විදේශ අමාත්‍ය Qin Gang හමුවී ඇති බව වාර්තා වේ.

මෙහිදී යුක්රේනයේ යුද්ධය, උසස් පරිගණක තාක්ෂණයන් පිළිබඳ වෙළඳ ආරවුල්, එක්සත් ජනපදයේ ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය වසංගතය සහ චීන මානව හිමිකම් හැසිරීම යන සියල්ල පිළිබඳව පැය පහකට අධික කාලයක් දෙපාර්ශවය සාකච්ඡා කර ඇති අතර, ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවෙයිද යන්න පැහැදිලි නැත.

බ්ලින්කන් මහතා 2021 ජනවාරියේ ජනාධිපති ජෝ බයිඩන් බලයට පත් වූ පසු චීනයට ගිය ඉහළම එක්සත් ජනපද රජයේ නිලධාරියා වන අතර, චීන නිලධාරීන් බ්ලින්කන් මහතාගේ සංචාරයට සහදශීලී ප්‍රතිචාර දක්වා ඇති මුත්, සබඳතා යහපත් කර ගැනීමට එක්සත් ජනපදය අවංක උත්සාහයක් දරන්නේ දැයි සැක පලකරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.

පසුගිය නොවැම්බරයේ බාලි හි ජනාධිපති ජෝ බයිඩන් හා ෂී ජින්පින් අතර රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ඇතිවූ නමුත් චීනයට අයත් වායු බැලූනයක් එක්සත් ජනපද සීමාවට පැමිණීමෙන් ඇති වූ නොසන්සුන්තාවයන් හේතුවෙන් නායකයින් දෙදෙනා අතර ඉහළ මට්ටමේ සන්නිවේදනය දුර්වල විය.

සටහන – සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan