ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12ක් ගැන ජිනීවා මානව හිමිකම් සැසියට විශ්ව කාලින වාර්තාවක්!

Date:

කොළඹ LNW:ජිනීවා නුවරදී අද (19) ඇරඹෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12ක් පිළිබඳ විශ්ව කාලීන වාර්තාවක් ඉදිරිපත්වීමට නියමිත බව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

මෙම සැසිවාරයේදීද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවනු ඇති අතර එයට පසුගිය අරගලය හේතුවක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එම අරගලයට අදාළව කෙරුණු අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙනු ඇති බව හෙතෙම කියාසිටියි.

පොලීසිය තුළ සිදුවූ මරණ,අල්ලස් පනත,භාෂණයේ නිදහස,ආගමික සංහිඳියාව ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරෙනු ඇති අතර ශ්‍රී ලංකා නියෝජිතයා ඊට සාර්ථකව මුහුණ දිය යුතුවන බවයි මහානාමහේවා මහතා පවසන්නේ.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මෙරටට ඇත්තේ විවාදාත්මක තත්ත්වයක් වන හෙයින් කළ යුත්තේ ජාතික මානව හිමිකම් සැලැස්මක් සකස් කිරීම බවද ඔහු කියාසිටියි.

මෙම සැසිවාරය එළඹෙන ජූලි 17 දක්වා ක්‍රියාත්මකයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...