සියලුම හිමිකම් ඇවිරිණි: The Virtual Veil නවකතාව එළිදකී!(PHOTOS)

Date:

කොළඹ LNW:ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින්,මානව බුද්ධිය සහ කෘතිම බුද්ධිය (AI) එකතුවෙන් රචිත ප්‍රථම සිංහල නවකතාව වන ‘සියලුම හිමිකම් ඇවිරිණි: The Virtual Veil’ ඊයේ (19) සවස 3.30 ට කොළඹ, හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේදී උත්සවාකාරයෙන් එළිදැක්වුණි.

සංජක ප්‍රසාද් දොලේවත්ත විසින් රචිත මෙම නවකතාව,තාක්ෂණයෙන් සීඝ්‍රයෙන් දියුණු වන අනාගත ලෝකයක,මිනිස් හැඟීම්, සබඳතා සහ බෞද්ධ දර්ශනය AI සහ අතථ්‍ය යථාර්ථය (VR) සමඟ බද්ධ වන අයුරු ගැඹුරින් ගවේෂණය කරයි. මවකගේ වියෝවෙන් ශෝකයට පත් දක්ෂ AI නිර්මාණකරුවෙකු තම මව ඩිජිටල් ආකාරයෙන් ජීවමාන කිරීමට දරන උත්සාහයත්, ඉන් අනතුරුව මතු වන සංකීර්ණ තත්ත්වයන් හා සදාචාරාත්මක ගැටලුත් මෙහිදී අපූර්වත්වයෙන් නිරූපණය වේ.

පාඨකයාට නවීන තාක්ෂණය, මානව පැවැත්ම සහ අධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව සංවාදයක් ඇති කරන, අතිශය නැවුම් සහ ආකර්ෂණීය අත්දැකීමක් මෙම කෘතියෙන් ලැබෙනු ඇත.

උත්සවයේ ප්‍රධාන දේශන:
* කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක
* ශ්‍රී පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ
* අනුරාධපුර සීප්පුකුළම, තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලයේ සිංහල ආචාර්ය සුගත් නයනානන්ද
විසින් පවත්වන ලදී.

‘සියලුම හිමිකම් ඇවිරිණි’ නවකතාවේ තේමා ගීතය එළිදැක්වූ අතර, එහි සංගීතය විශාරද දර්ශන වික්‍රමතුංග විසින් ද, ගායනයෙන් විශාරද ඩේසික කමලාංජන සහ විශාරද යෂෝධා ප්‍රියදර්ශනී විජේසිංහ විසින් ද දායක වී ඇත. ඊට අමතරව තවත් බොහෝ ප්‍රසාංගික අත්දැකීම් එහිදී අත්විඳීමට පාඨකයන්ට අවස්ථාව හිමි විය.

විශේෂයෙන්, මෙම උත්සවයේදී ලුම්බිණි විදුහලේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙකු හා සාහිත්‍ය කලාවේ පුරෝගාමියෙකු වන සුනිල් සරත් පෙරේරා මහතාට පාසල වෙනුවෙන් උපහාරයක් පිදීමද සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි...

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ...