ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ?

මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ‍ලේකම් ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දු කර ඇතැයි විශ්වාසන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් අමාත්‍යංශයේ මහා භාණ්ඩාගාර ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන පෙරේදා විශ්‍රාම ගිය අතර  ආචාර්ය හර්ෂණ පත් කිරීමට යන්නේ මෙකී පුරප්පාඩු වූ තනතුර සඳහා වේ.

මේ අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ හර්ෂණ සූරියප්පෙරුම  එකී ධූරයෙන් ඉවත් වී සඳුදා දිනයේ මුදල් අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමට නියමිත බව පැවසේ.

පුරප්පාඩුවන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පෞද්ගලික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

The Leader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...