නාමල්, සාගල, ශවේන්ද්‍ර ඇතුළු හිටපු ප්‍රබලයින් 28 කගේ වත්කම් ගැන විමර්ශනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රබලයින් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්කියන් රාසමානික්‍කම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා ශාන්ත අබේසේකර යන හිටපු මැති ඇමතිවරුන් සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

එමෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපළ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා විය.

මොවුන් විසින් අයථා ලෙස ඉපයූ මුදල් යොදවා දේපළ මිලදීගෙන ඇති බවට ලැබුණු පැමිණිලිවලට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවත් අදාළ විමර්ශනයේදී යම්කිසිවෙකු අයථා ලෙස මුදල් උපයාගෙන ඇති දේපළ මිලදීගෙන ඇති බවට අනාවරණය වුවහොත්, ඒවා රජයට පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...