ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

මේ වනවිට ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා ඇත.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වන දා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වෙලා තියෙනවා නම් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව දැනුම්දීලා තියෙනවා අපිට. ඒ නිසා වීසා කල් ඉකුත් වුණත් රටට ඇතුළු වෙන්න අවසර දෙන්න ටිකට් පත් නිකුත් කරන්න කියලා. ඒ නිසා ඔවුන්ට නැවත පැමිණීමේ හැකියාව තියෙනවා. 

ඊයේ දිනයේ දී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක් තානාපති කාර්යාලයට පැමිණියා, ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යයි කියලා. ඒ අනුව අපි කයිරෝවල තියෙන අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන්වූවා. දේශසීමා හරහා යන්න අවසර දෙන්න කියලා අපි දැනුම් දුන්නා. මම හිතනවා ඉදිරි දිනවල ලාංකිකයින් මේ වගේ ලංකාවට යන්න බලාපොරොත්තු වෙයි කියලා. ඒ සියලුමදෙනාට තානාපති විදියට උදව් කරන්න කැමතියි. ඊශ්‍රායලයේ අද සහ හෙට නිවාඩු වුවත් අපි තානාපති කාර්යාලය විවෘතව තබා තියෙනවා මෙවැනි අයට උදව් කිරීම සඳහා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...