නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW:

වසර හතරකට වරක් පැවත් වූ ලෝක නෙට්බෝල් සූරතාවලිය ඉදිරියේදී වසර දෙකකට වරක් පැවත්වීමටත්,පිරිමි ලෝක නෙට්බෝල් සූරතාවලියක් පැවත්වීමටත් සිය අවධානය යොමු වී ඇති බව ලෝක නෙට්බෝල් සංගමය අවධාරණය කරනවා.


ලෝක නෙට්බෝල් ප්‍රධාන විධායක නිලධාරී ෆියෝනා හැරල්ඩ් පෙන්වා දෙන පරිදි ඊට ප්‍රධාන වශයෙන්ම මේ වන විට අධික වියදම නිසා දරා ගැනීමට අපහසු තත්ත්වයන් සැළකිල්ලට ගෙන, රටවල් සත්කාරකත්වයට පිවිසීම මඟ හරින තත්ත්වය නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවත්වීම අවිනිශ්චිතව තිබීම බලපා තිබෙනවා.

නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් ක්‍රීයාත්මක වූ ඉහළ තරගාවලියක් වන පොදු රාජ්‍ය මණ්ඩලිය තරගාවලිය ඊට අහිමි වීම තුළ ක්‍රීඩාවට සිඳුවන හානිය මකා දැමීම මේ දෙවසරකට වරක් ලෝක නෙට්බෝල් තරගාවලිය පැවත්වීමේ අදහස වී තිබෙනවා.
“පසුගිය මාස කිහිපය තුළ පිරිමි නෙට්බෝල් කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමෙන් මම සතුටක් ලැබුවා, ඉදිරි වසර කිහිපය තුළ මංගල පිරිමි නෙට්බෝල් ලෝක කුසලානයක් දැකීමේ ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට උපකාර කිරීම සඳහා අපි ඔවුන් සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.”


ෆියෝනා හැරල්ඩ් පිරිමි නෙට්බෝල් ලෝක කුසලානයක් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...