ආගමන විගමන පාලක ජනරාල්ගෙන් දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

එක්දින සේවය යටතේ සතියේ දින 05 තුළ පැය 04 ක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසයි.

ආගමන විගමන පාලක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , රාත්‍රී කාලයේ සිට පෝලිම්වල රැදී සිටිමින් කාලය නාස්ති කිරීමෙන් වළකින ලෙසයි.

එක්දින සේවය යටතේ දිනකට විදේශගමන් බලපත්‍ර 2000 ක් පමණ නිකුත් කරන බැවින් දිගුපෝලිම්වල රැදී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය කාල සීමාව තුළ විදේශගමන්බලපත්‍ර ලබාගැනීම සදහා දිවා රාත්‍රී දිගු පෝළීම් පැවතීම හේතුවෙන්, සතියේ දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දිවා රාත්‍රී පැය 24 සේවාව ආරම්භ කෙරුණු අතර, තදබදය මේ වන විට අවසන්ව ඇති හෙයින් වැඩකරන දිනවල උදෑසන 06 සිට පස්වරු 02 දක්වා ටෝකන්පත්‍ර ලබාදීම සිදු කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...