දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගාණක් මුදල් නාස්ති වෙලා – ඇමති බිමල්

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

අද (20) පාර්ලිමේන්තුවේදි, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

දක්ෂින අධිවේගී මාර්ගයේ මුල්  ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පීසිබිලිටි වලට විරුද්ධව සිදුකළ වැඩ රාශියක් තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක රෙස්ට් ඒරියා එකයි. එම රෙස්ට් ඒරියා එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.මේ ඉන්ටර්චේන්ජ් තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා. ඉදිරියේදී ලැබෙන යෝජනා අනුව නව අන්තර්හුවමාරු සහ රෙස්ට් ඒරියා ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා” අමාත්‍යවරයා කීය.