කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම සිදුවිය.

රුපියල් මිලියන 154 ක් වටිනා මෙම අති  නවීන තාක්ෂණයෙන් යුත්  න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera)  සදහා මුදල් ප්‍රතිපාදන  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත. වකුගඩු රෝග ප්‍රධාන කොට රෝග විනිශ්චය කටයුතු සදහා මෙම උපකණය භාවිතා කරනු ලබයි.මෙතෙක් මෙම පරීක්ෂණ කටයුතු සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර ඇති යන්ත්‍රය වසර 20 වඩා පැරණි යන්ත්‍රයක් වන අතර එය වරින්වර අක්‍රිය තත්ත්වයට පත්වෙමින් තිබිණි. එම අවස්ථාවන් වල දී පරීක්ෂණ කටයුතු කොළඹ ජාතික රෝහලෙන් සිදුකර ගන්නා ලදී.

මේ පිළිබඳව වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මීට මාස කිහිපයකට පෙර සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවේ දී රෝහල් පරිපාලනය සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත් අතර එහි දී නව (Gamma Camera) න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක් කඩිනමින් රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන් ට උපදෙස් දෙන ලදී. ඒ අනූව මෙම  යන්ත්‍රය රෝහල තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී.

කොළඹ ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල යන රජයේ රෝහල්වල මෙම යන්ත්‍රය  ස්ථාපිත කර ඇති අතර එමගින්  රෝගී සත්කාර සේවාවන් කාර්යක්ෂමව සිදුකරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...