සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි සිද්ධීන් නැවත රටතුළ ඇතිවීමට ඉඩ නොතබන බව අද(20) පාර්ලිමේන්තුවේදි යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

ඖෂධ කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුුකම් දියුණු කිරීමට රජය කටයුතුකරගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයාා සඳහන් කළ අතර, කළාප වශයෙන් ඖෂධ කර්මාන්තය දියුණු කරන බවද බිංගිරිය කළාපය එසේ හඳුනාගත් කළාපයක් බවද මේවන විට එහි ආයෝජනය කිරීමට ආයෝජකයින් රැසක් සූදානම් බවද කීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

ඖෂධ මෙරටට ගෙන්වීමේදී යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ සෑම ඖෂධයක්ම පරීක්ෂණාගාරවලදී පරීක්ෂා කරල තමයි ගන්නේ. නිවැරදි ක්‍රමවේදයෙන් බැහැරව ගිය නිසා තමයි හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි ගැටලු ඇති වී තිබෙන්නේ. මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇති වීමට ඉඩ තබන්නේ නැහැ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...