සිරිපාල නෙරපීම වළක්වමින් මෛත්‍රීපාලට නිකුත් කළ නියෝගය දීර්ඝ කරයි

Date:

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් නෙරපා හැරීම වළක්වාලමින් නිකුත් කර තිබූ නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කර තිබෙනවා. අමාත්‍යවරයා ගොනුකළ පෙත්සම අද යළිත් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

පක්ෂයේ තීරණයට පටහැනිව යමින් ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට කටයුතු කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීමට තීරණය කළ බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එම තීරණයට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි.

මෙම පෙත්සම අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය හමුවේ කැඳවා තිබිණි. විනිසුරුවරිය නියෝග කළේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කළ නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමටයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වය සමග සාකච්ඡා කරන බවයි. එසේ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට පෙත්සම්කාර පාර්ශ්වය එකඟ නොවන්නේ නම්, වාරණ නියෝගය දීර්ඝ කිරීමට විරෝධය පළ කරන බවද නීතිඥවරුන් පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...