ධම්මිකට එරෙහි පෙත්සම් විභාගයට ගැනීම ගැන තීන්දුව අද සවස …

ධම්මික පෙරේරා මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලෙමින් පවතී.

ඒ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව 5කි.

ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර සහ ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි යන මහත්වරුන් පෙනී සිටින අතර පැමිණිලිකාර පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතීඥවරුන් පිරිසක් පෙනී සිටිති.

මෙම පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (20) සවස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සඳහන්.

ධම්මික පෙරේරා මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරමින් පසුගිය 10 වනදා මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර ඒ අනුව ඒ මහතා හෙට පෙරවරුවේදී පාර්ලිමේන්තුවෙහි දිවුරුම් දීමට නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...