ජනාධිපති ඉන්න ඕන, අගමැති යන්න ඕන – වාසුගේ අලුත්ම තියරිය

Date:

වත්මන් දේශපාලන අර්බුදයට ඇති සාර්ථකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව පක්ෂ 10 කණ්ඩායමේ ප්‍රධානියෙකු වන වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, පක්ෂ 10 කණ්ඩායම, ශ්‍රීලනිප පාර්ශ්වය, ජවිපෙ, දෙමළ සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වියයුතු බවද ඒ මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කා මහතා ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඒ හරහා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවයි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටින තෙක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය නොහැකි බැවින් වහාම ඔහු තනතුරින් ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පවසනවා.

අගමැතිවරයා ඉවත් වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළයුතු බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීම බාධාවක් නොකර ගත යුතු බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා හදිසියේ ඉල්ලා අස්වීම තවත් අර්බුදයක් වියහැකි බවද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට වාසුදේව නානායක්කාර මහතා දැඩිලෙස විරෝධය පළකළ අතර කෙසේ නමුත් ඉන්පසු ඔහු රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

පසුගියදා ඔහු ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තාක්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවිය යුතු බවයි. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වුවහොත් පුරප්පාඩු වන තනතුර සඳහා බැසිල් රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකාරී ලෙස පත්විය හැකි බවද ඔහු පවසා තිබිණි.

මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර, වාසුදේව නානායක්කාර මහතා දැන් ප්‍රසිද්ධියේ ජනාධිපති තනතුරට ආරක්ෂා කරන ස්ථාවරයක් අනුගමනය කරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...