ගෝඨාගේ උපන්දින දානයට මහින්දගෙන් තහංචියක් !

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 74 වැනි උපන් දිනය අදට (ජුනි 20) යෙදිලා තියෙනවා.

ඔහු තමන්ගේ උපන් දිනය වෙනුවෙන් වාර්ෂිකව දානයක් දෙනවා කොළඹ ගංගාරාමය ආසන්නයේ තියෙන “ගාමිණී මාතා” කියන වැඩිහිටි නිවාසයට. මෙවරත් ඒ දානය බොහොම ඉහළින් සූදානම් කරලා ඒ අවස්ථාවට සහභාගී වෙන්න කියලා තමන් එක්ක දේශපාලනය කරපු වියත් මගේ කට්ටිය ඇතුළු බොහෝ පිරිසකට ආරාධනාත් කරලා. මේක නිකම් දේශපාලනයට ආපහු එන්න මුට්ටිය දාන වැඩක් වගේ තමයි ලෑස්ති කෙරිලා තිබුණා කියන්නෙ.

ඉතින් මේක ආරංචි වෙච්චි ගමන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂට හොඳටෝම තරහ ගිහින් ලු. හොඳටෝම කේන්ති ගිය මහින්ද ඒ දානයට ආරාධනා ලැබුණු බොහෝ දෙනෙකුට දුරකථනයෙන් කතා කරලා ඒ පැත්ත පළාතෙ යන්න එපා කිව්වා කියලාත් ආරංචියි.

“ඔය මනුස්සයා අපිව නැති කළා, අපට පාරේ බැහැලා යන්න බෑ. දැන් ආයෙත් අපිව කන්න එන්නද හදන්නේ ? ඔය පැත්ත පළාතෙ යන්න එපා …

හමුදාවට ගියා, එතනත් නෑවා. බොහොම අමාරුවෙන් ඒකෙන් අයින් කරලා ඇමරිකාවට යැව්වා, කරපු දෙයක් නෑ. ආයෙ මං ජනාධිපති වුණාම ආපහු ආවා, මට නැති ප්‍රශ්න ගොඩක් හැදුවා. අන්තිමේ 2019 ජනාධිපති වෙලා කොරපු හරිය අමතක නෑනෙ ?

කරන තරමක් කරේ ලණු කාපු එක. දිලිත්ලා හොඳටම ඇන්දුවා. පී.බී. ඉතුරු ටික කරා. අන්තිමට වුණේ අපේ පරම්පරාවෙම මූණෙ දැලි ගෑවිච්චි එකයි”

ඔන්න ඔය විදියට මහින්ද කට්ටියත් එක්ක කතා කරන ගමන් නොසෑහෙන්න ගෝඨාට බැන්නා කියලායි ආරංචිමාර්ග කියන්නේ.

කොහොම වුණත් වැඩේ කොච්චර දුරදිග ගිහින්ද කියනවා නම් දානය සුපුරුදු විදියට දුන්නත් ගෝඨාභයත් ඒකට නොයන තත්වයක් තමයි ලු දැන් තියෙන්නේ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...