සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය විසින් සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 වර්ගයේ යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවකට ලක් කිරීමට සමත්වී තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය පවසන්නේ , අග්නිදිග ආසියානු කලාපයේ ගුවන් සේවාවන්ට අයත් වයිඩ්-බොඩි වර්ගයේ ගුවන්යානා සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා සේවාවන් සැපයීම සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??