*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් තිදෙනෙකුට එරෙහිව, සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට  ගොනුකර ඇති නඩුවක් ඔක්තෝම්බර් 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටි සතොස ආයතනයේ විශ්‍රාමික පරිපාලන නිලධාරියෙකු වන කිත්සිරි සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණි.

නමුත් ,  එම සාක්ෂිකරු ඉකුත් අප්‍රේල් මස 15 වනදා විදේශගතවී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය. පසුව, මෙම නඩුව ඔක්තෝබර් 12 වනදා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබුණේ , 2012 වසරේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan