*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

තරුශි සහ නදීශා ඔලිම්පික් යන හැටි

සටහන – නිශ්මං රණසිංහ

ජූනි 20, (LNW) කොළඹ: මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ තරුශි කරුණාරත්නට සහ නදීශා දිල්හානි ලේකම්ගේ යන ක්‍රීඩිකාවන් දෙදෙනාටම ඔලිම්පික් යා හැකියි.එය වැළක්වීමට අනපේක්ෂිත බාධාවක් මතු නොවුණහොත් ජූලි මස මුල නිකුත්වන ඔලිම්පික් සුදුසුකම් ලැබූ නාම ලේඛණයේ දෙදෙනාම සිටිනු ඇති අතර මේ සඳහා අවශ්‍යය සුදුසුකම තහවුරු කර ගැනීමට ඔවුන් දෙදෙනාට ජූනි 27 වන දා පැවත්වෙන ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වැදගත් වනු ඇත.ජූනි 30 වන දා පැවත්වෙන ඔලිම්පික් තේරිමේ විශේෂ තරගය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඊ හ්‍රේණියේ තරගයක් වුණත්,ජාතික සූරතාවලය ගැනෙන්නේ බී ශ්‍රේණියේ තරගාවලියක් නිසා බැවින් එහිදී ජයග්‍රහණය වෙනුවෙන් ලැබෙන ප්‍රසාද ලකුණු වල තත්ත්වය ඉහළයි.ඒ නිසා වඩාත්ම වැදගත් ජූනි 27 වන දා පැවත්වෙන ජ්‍යෙෂ්ඨ තරගාවලියේ දී ඔලිම්පික් සුදුසුකම් ලේඛණයේ දැනටමත් අවශ්‍යය සීමාවන්ට පිවිස සිටින තරුශි සහ නදීශා මෙන්ම ඊට ආසන්නව සිටින ක්‍රීඩකයින් ද සිය උපරිමයට පැමිණීමයි.

තරුශි සහභාගි වන මීටර් 800 ඉසව්වේ දී ලෝකයේ දක්ෂයන් 48 ක ට සහභාගීත්වය හිමිය.දැනට තරුශි සිටින්නේ 47 වන තැනය.එහෙත් හරියටම සියයට සියයක් සහභාගීත්ව කීමට නොහැකි වන්නේ මේ 48 දෙනා අතරට සෘජූ සුදුසුකම් සළකා සහ ශ්‍රේණිගත කිරීම් හරහා නොවී,ලෝකයේ දක්ෂතා අඩු රටවලට දිරි දීමක් ලෙස සහභාගි වීමට universality නමින් කිහිප දෙනෙකුට අවස්ථාව ලැබෙන බැවින්ය.මීට පෙර එම අවස්ථාව වයිල්ඩ් කාඩ් ලෙස හැඳින් වූ අතර ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සහභාගීත්වයන් බොහෝ අවස්ථාවල සිඳු වී ඇත්තේ ද ඒ ආකාරයටය.
එහෙත් තරුශිට ජූනි 27 වන දා පැවත්වෙන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ඔලිම්පික් වරම් ලබන්නට ඇති ඉඩ අනපේක්ෂිත යමක් සිඳු නොවුණහොත් වළක්වන්නට නොහැකිය.දැනට සළකා බලා තිබෙන ඇයට ඉහළ ලකුණු හිමි ඉසව් පහෙන් අඩුම ලකුණු ප්‍රමාණයක් දැක්වෙන්නේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මූලික වටයේදී සිව්වැන්නා ලෙස තරගය නිම කරමින් තරුශි රැස් කළ ලකුණු ප්‍රමාණය වන 1108 ය.එයට තරගාවලියේ ශ්‍රේණිගත කිරිමට අනුව එකතු වන ලකුණු 70 ක් ද එකතු වී ඇත.තරුශි ගත කර ඇති කාලය විනාඩි 02:07.16 ක් විය.
තරුශි මේ තරගාවලියේදී අවසාන තරගය ජය ගන්නේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් විනාඩි 02;00.66 ක කාලයක් වාර්තා කරමින්ය.ඇය මූලික වටයේ දී වාර්තා කළ කාලය අඩුම තරමේ 2:05.00 ක් වී එකතුවන අතිරේක ලකුණු 70 ද එකතු වී නම් තරුශි කරුණාරත්න ට එකතුවන ලකුණු ප්‍රමාණය ලකුණු 1145 කි.ඒ ආකාරයට සිඳු වී තිබුණේ නම් තරුශිට මේ වන විට 44 වන තැන රැඳී සිටින්නට තිබිණ.එහෙත් එවැනි තාක්ෂණික ඥාණයක් සහිතව මුල සිටම ක්‍රීඩකයා සහ පුහුණුකරුවා ව දැනුවත් කරන්නට සැළසුමක් නොතිබි නිසා මූලික තරගයේ දී ජයග්‍රහණයට වඩා දෙයක් තරුශිගේ සැළසුම් අතර නොතිබිණ.
තරුශි කරුණාරත්න ස්පාඤ්ඤයේ දී මීටර් 600 සඳහා වාර්තා කළ කාලය මීටර් 800 ඉසව්වේ ලකුණු සමඟ සංසන්දනය කරද්දී ඇය මීටර් 800 ක් සඳහා විනාඩි 2 ට අඩු ප්‍රමාණයකින් දිවීමෙන් ලැබෙන ලකුනු හා සම වී ඇත.එසේම ඇය එම ඉසව්ව අවසාන කරන ආකාරයෙන් පැහැදිළි වන්නේ ඇයට අවසානයේ ඉසව්ව වේගවත් කරන අවස්ථාව තවත් මීටර් 10 – 05 ට පෙර සිඳු කළා නම් වුව මීට වඩා යහපත් ප්‍රතිපලයක් තිබුණ බවය.

ඒ අනුව තරුශිගේ වර්ථමානය සළකා බලද්දී ඇය නැවත ඇයගේ ප්‍රධාන කාලයන් ලෙස සළකා බලා ඇති ලකුණු සටහනේ විනාඩි 2:07.16 ක කාලයක් දුවන්නේ නැත.එසේම ජාතික සූරතාවලියේ දී ප්‍රසාද ලකුණු ලෙස පළමු ස්ථානයට ලැබෙන ලකුණු 100 ද එකතු වෙද්දී තරුශිට ලබා ගත හැකි ලකුණු ප්‍රමාණය ද 1108 වඩා වැඩි එකක් වනු නිසැකය.ඇය විනාඩි 02:03.03 ක කාලයකට මේ තරගය නිමා කළ ද ලකුණු 1209 ක් එකතු වෙනු ඇත.ඒ නිසා තරුශි කරුණාරත්නට මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීම අසීරු එකක් නොවනු ඇති බව අපේ විශ්වාසය වන්නේය.එහෙත් මේ මොහොතේ දී රටක් ලෙස මේ ඉසව්ව ඇතුළේ ඇය සමඟ තරග වදින ක්‍රීඩිකාවන් තරුශි වඩාත් ඉදරියෙන් තබා ඔලිම්පික් සුදුසුකම සඳහා නිර්දේශ කරන්නට දායක වන්නේනම් එය රට වෙනුවෙන් කරන කැපවීමක් වනු ඇත.
වඩා වේගවත් මීටර් 800 තරගයක් ක්‍රියාත්මක කිරීම සඳහා තරුශිට මුල් මීටර් 400 සහ 600 දුර ප්‍රමාණයේ දායකත්වය වැදගත් වනු ඇත.සමහර විට එවැනි දායකත්වයක් ලැබුණොත් තරුශි සෘජු සුදුසුකම වන විනාඩි 01,59.30 සීමාවට ද පිවිසෙන්නට ඉඩ ඇත.ඒ නිසා 27 වන දා තරුශි දුවන මීටර් 800 වෙනුවෙන් තරුශි වෙනුවෙන් දුවන ක්‍රීඩිකාවන්ගේ රට ගැන තියෙන ආදරණිය හැඟීමේ වර්ගපලයද තරුශිටත් රටටත් වැදගත් වනු ඇත.

මේ ආකාරයටම නදීශා දිල්හානි ලේකම්ගේ ද සිටින්නේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් යන්නන්ගේ නාම ලේඛණයේ ය.එම ඉසව්වට සහභාගි වන 32 ක් අතරින් නදීශා සිටින්නේ 30 වන තැන ය.ඇයගේ උපරිම දක්ෂතා සළකා බලද්දී ඉකුත් වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී ඇය වාර්තා කළ මීටර් 55.89 වෙනුවෙන් ප්‍රසාද ලකුණු එකතු වී නැත.එහෙත් ඇයට ලකුණු 1002 ක් එම දක්ෂතාවය සඳහා හිමි ව ඇත.ජාතික සූරතාවලියේ ද නදීශා එම දුර ප්‍රමාණයම වීසි කළ ද ලකුණු 1202 ක් සඳහා හිමිකම් ලබනු ඇත.එසේ වුවහොත් නදීශා ට මුල් 25 දක්වා ඉදිරියට ඒමට අවස්ථාව හිමිවනු ඇත.
හෙල්ල වැනි ඉසව්වක ධාවන තරගයක මෙන් අනෙකාට සහය වීමට ඇති ඉඩ අඩු වුව ද,නදීශා ට සහය දැක්වීම වෙනුවෙන් හෙල්ල වීසි කරන ස්ථානයේ සිටින ක්‍රීඩිකාවන්ට ඇයගේ වීසි කිරීමකදී නැඟී සිට අත්පොළසන් දීමෙන් වුව අමතර ශක්තියක් සහ විශ්වාසයක් එකතු කරන්නට බැරි නැත.ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ආසියානු ක්‍රීඩා උළෙලක පදක්කම් සටහනට එකතු කරන්නට වසර 17 ට පසුව පළමුවරට සමත් වූ ක්‍රීඩිකාව නදීශා ය.වරප්‍රසාද ඉතාම අඩුවෙන් ලද ක්‍රීඩිකාවක වන නිහඬ චරිතයක් වන නදීශා තමන්ට ලැබුණු බොහෝ අවස්ථාවන් හී හැකියාව හඬක් බවට පත් කරන්නට සමත් වූ ක්‍රීඩිකාවක් වූවාය.

ඇයට බොහේ විට ඔලිම්පික් නියෝජනයක් සඳහා පෙනී සිටින්නට ලැබෙන අවසාන අවස්ථාව විය හැකි මේ ක්‍රීඩා උළෙලේ දි,මේ දක්වා ඇය ඊ ළඟ පරපුරට දුන් මිත්‍රශීලී දායකත්වය වෙනුවෙන් එම ඉසව්වේ සිටින ඇයට වඩා කණිෂ්ඨ ක්‍රීඩිකාවන් තමන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට උපරිම දක්ෂතාවයට යන්නට අවශ්‍යය මානසික සහනය ලබා දෙන්නට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
මෙහිදී රුමේෂ් තරංග ට ද ඇත්තේ විශාල අභියෝගයකි.දකුණු කොරියාවේ දී ඔහු නව ශ්‍රී ලංකා වාර්තාව තැබූ අවස්ථාවේදී වාර්තා කළ දුර වූයේ මීටර් 85.45 කි.එය මීටර් 85.50 ක් වූයේ නම් ඔහු සෘජුව ඔලිම්පික් සුදුසුකම් ලබනු ඇත.එහෙත් රුමේෂ්ගේ දක්ෂතා හඳුනාගන්නට සිඳු වූ ප්‍රමාදය නිසා ශ්‍රී ලංකාවට ඔහුට වටිනා තරග අවස්ථාවන් ලබා දීමට නොහැකි විය.මේ හේතුවෙන් රුමේෂ් තරංගට ඔලිම්පික් සුදුසුකම් ලබන්නටනම් මේ ජාතික සූරතාවලියේ දී මෙන්ම ජූනි 30 පැවත්වෙන විශේෂ තේරීම් තරගයේ දී මීටර් 85.50 සීමාවට උත්සාහ කරන්නට සිඳුවනු ඇත.එසේම මේ තරග දෙකේදී ඔහු දක්වන දක්ෂතා අනුව ද රුමේෂ්ට මේ ඔලිම්පික් තමණට එකතු වෙන්නත් පුළුවන්.

ඒ වගේම අරුණ දර්ශන මේ වන විට ඉන්නෙ කාලිංග කුමාර අභිබවා ගොස් පියවරක් ඉදිරියෙන්.ඊට හේතුව හැටියට ඔවුන් දෙදෙනා අවසාන වරට සහභාගි වූ තරග දෙකේ ස්වභාවය සහ ඔවුන් පෞද්ගලිකව දැක් වූ දක්ෂතාවයන් ද බල පා තිබෙනවා.බහමාස් හී දි අරුණ සහභාගි වූයේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයෙන් රිදී වර්ණ ලබා දුන් තරගාවලියකටයි.කාලිංග ස්පාඤ්ඤයේ දී සහභාගි වූයේ ලෝකඩ වර්ණ සහිත තරගාවලියකටයි.මේ තරගවලදී ලැබෙන ප්‍රසාද ලකුණු මෙන්ම ඔවුන් දෙදෙනා දැක් වූ දක්ෂතාවන් ද අනුව හැම අතින්ම කාලිංගට ඉදිරියෙන් සිටින්නට අරුණ සමත් වී ඇති නිසා මේ වන විට ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම්වල අරුණ ඉදිරියට පැමිණ තිබෙනවා.

එහෙත් තව ස්ථාන කිහිපයක් ඉදිරියට එන්නට විශේෂයෙන් ජූනි 27 පවත්වන තරගාවලියේ දී ඔවුන් දක්වන පෞද්ගලික දක්ෂතාවය මෙන්ම එහිදී හිමිවන වැඩි ප්‍රසාද ලකුණුත් වැදගත් වෙනවා.ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් සහභාගි නොවීම වැනි කාරණා ද යෙදෙන්නට හැකි බැවින් අරුණ සහ කාලිංග මේ තරගවලදී ඉහළම දක්ෂතා දැක්වීම වැදගත් වෙනවා.
එහෙත් මෙහිදී වැදගත්ම කාරණය අරුණගේ සහ කාලිංගේ අවධානය මුල සිටම මීටර් 400 සහය දිවීම කෙරෙහි තබා ගනිමින් ඔවුන්ට කණ්ඩායමක් හැටියට අවධානය ලබා දී පුහුණුවීම් කර බහමාස් තරගය සඳහා යොමු කිරීමට පියවර ගත්තේ නම් ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවිමේ කණ්ඩායම මේ වන විටත් ඔලිම්පික් සුදුසුකම් ලබා තිබෙන්නට තිබුණ ඉඩ වැඩි බවයි.

මෙම සුදුසුකම් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙමාල් ප්‍රනාන්දු ද දැක් වූ දායකත්වය ඉතා විශාලයි.ඔවුන් මැදිහත්ව ඇතැම් ජාත්‍යන්තර තරග සඳහා භෞත චිකිත්සකයන් ද සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කරන්නට පවා කටයුතු කළා.හරීන් ප්‍රනාන්දු සහභාගි වීමට ප්‍රථම රොෂාන් රණසිංහ සමයේ සිඳු වූයේ මලල ක්‍රීඩා සංගමය අනුග්‍රහයන් සොයා ගෙන ගිය සංචාරවලදී ද එම මුදල් අමාත්‍යංශය හරහා ලබා ගන්නා ලෙස කියමින් මාස ගණනක් ප්‍රමාද කිරීමයි.එවැනි අවස්ථාවන්වලදී මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් එකතු වී (ඇතැම් නිලධාරීන් ණය වී) මේ මුදල් සොයි දී ක්‍රීඩකයින් පිටත් කර හැරියත් අමාත්‍යවරයා හෝ ඔහුගේ උපදේශක සභාවන් ඒවා කඩිනමින් ලබා ගැනීමට හෝ සහය වූයේ නැහැ.එසේම තමන් වියදම් කරගෙන සංචාරවලට යන නිලධාරීන්ට එම සංචාර සඳහා නම් කළ පරිදි සහභාගි වන්නට ඉඩ දුන්නේ ද නැහැ.

මේ අවස්ථාවේදී මාධ්‍ය මැදිහත්වීමක් කළ තරුශිගේ සහ නදීශාගේ ජයග්‍රහණ වෙනුවෙන් LNW අප වෙබ් අඩවිය ලබන්නේ ද ඉහළ සතුටක්.ආසියානු තරගාවලිය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට තවමත් ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කර චක්‍රලේඛවලට අනුව ලැබිය යුතු මුදල් ලැබී නැහැ.එහෙත් මේ වන විට ඔලිම්පික් සම්ප්‍රාප්තිය සිඳු වෙනු ඇතැයි ඉහළ විශ්වාසයක් තැබෙන තරුශිගේ රන් පදක්කමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලක්ෂ සියයක් පිරිනමන්නට තීරණය කළ මොහොතේ දී අප විසින් පෙන්වා දුන් කරුණු අනුව නදීශා දිල්හානි ලේකම්ගේ ට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලක්ෂ 50 ක මුදලක් ලබා දුන්නා.එපමණක් නොවේ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලැබූ සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල්මය ත්‍යාග පිරිනමන්නටත්,තරුශිගේ සහ නදීශාගේ පුහුණුකරුවන්ට මුදල් ත්‍යාග ලබා දෙන්නටත් ශ්‍රී ලංකා ක්‍රිකට් එහි සභාපති ශම්මි සිල්වා මූලික වී මෙහෙයවනු ලැබුවා.එසේම එම අවස්ථාවේදී සිඳු වූ සාකච්ඡාවේදී තරුශි අධ්‍යාපනය ලබන වලල ඒ රත්නායක විද්‍යාලයට ශක්තිවර්ධන සහ කායවර්ධන ශාලාවකට අවශ්‍යය සියලුම උපකරණ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිරිනමන්නටත් එකඟතාවයක් ඇති වුණ අතර මේ වන විට එම කටයුත්තද සාර්ථකව සිඳුවෙමින් තිබෙනවා.

ඒ නිසා මේ ඔලිම්පික් සුදුසුකම සඳහා දිරිය සහ සවිය දීමේ හිතෛශීවන්තයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ද ඒ සඳහා මාධ්‍ය පෙළඹවීමක් කළ අප වෙබ් අඩවියට ද,ඔලිම්පික් සංචාරය සඳහා පිටත්වෙන පෙරහැර දෙස බලාගෙන දුර සිට සතුටු වන්නට හැකියි.එසේම රටක් හැටියට තරුශිට සහ නදීශාට පමණක් නොව,රුමේෂ්ට,කාලිංගට සහ අරුණටත් ජ්‍යෙෂ්ඨ තරගාවලිය නියෝජනය කරන්නට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් ද ඔලිම්පික් දොරටුවෙන් ඇතුල් වෙන්නට සියලු සහයෝගය දෙන්නට ජාතික හැඟීමෙන් පොහොසත් වනු ඇතැයි ද අපි බලාපොරොත්තුවෙන් සිටිමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan