කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සම්මතයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසිනි.

පසුගිය මැයි 04 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ද එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජුනි 04 වනදාත් ඊයේ දිනයේදීත් සිදුකෙරුණු අතර ඊයේ පස්වරුවේ එය සංශෝධන සහිතව සම්මත කෙරිණි.

මෙම පනත් කෙටුම්පත මගින් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සපයා ඇති අතර කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තවත් විධිවිධාන රැසක් ද ඊට අඩංගු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...