පොසොන් පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්

0
394

සටහන – නදීක දයා බණ්ඩාර

ජූනි 20, (LNW)මහනුවර :පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් මහනුවර කේන්ද්‍ර කොට ආරම්භ විය.
දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටියි. ඓතිහාසික මඟුල් මඩුවේ සහ නාථ දේවාල පරිශ්‍රයේ සීල ව්‍යාපාර පැවැත්වෙන අතර දළදා මාලිගාව සංවිධාන කළ දන්සැල උදෑසන සිට දිනය පුරා මාලිගාව ඉදිරිපිට දී ක්‍රියාත්මක වේ.


මල්වතු හා අස්ගිරි මහා විහාර, ඓතිහාසික බහිරවකන්ද විහාරස්ථානය, ගැටඹේ රාජෝපවනාරාමය ඇතුලු සියලුම විහාරස්ථානවල පෝය නිමිත්තෙන් ආගමික වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.