*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

සර් ‘මිස්’ වෙලා …?

සටහන – නිශ්මං රණසිංහ

ජූනි 21, (LNW) කොළඹ : ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවන විට එහි වැඩ බලන සභාපතිවරයාව සිටි නලින් ද සිල්වා වඩාත් ප්‍රසිද්ධව සිටියේ සියලු දෙනාටම ‘සර්’ යනුවෙන් ඇමතීම සම්බන්ධයෙන්ය.ඔහු වැඩ බලන සභාපතිවරයා ලෙස පත් වූ පසු පැවති පාලනයේ සිටි පුද්ගලයාගේ අදහස් උදහස්වලින් විතැන්ව වෙනස් ගමණක යන බවක් දකින්නට ලැබිණ.විශේෂයෙන්ම බලයේ රැදී සිටීමට අවශ්‍යය ව්‍යවස්ථා වෙනසකට පවා එකඟ වෙන තත්ත්වයකින් රගර් ව්‍යාප්තිය අඩපන කර ක්‍රීඩා සමාජ කිහිපයක බලයට ශ්‍රී ලංකා රගර් නතු කිරීමේ ව්‍යහුයකට ඔහු ආශිර්වාද කරන බවක් පෙණින.එසේම නිලවරණයට අදාළ කිසිවක් සිඳු නොකරමින් සභාපතිවරයා ලෙස රැදී සිටීමේ උවමනාවෙන් පෙළෙන බවක් ද පෙනෙන්නට තිබිණ.

මේ හේතු නිසා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් රගර් නිලවරණයකට පෙර රගර් වෙනුවෙන් පහසුකම් සපයන්නා ලෙස නලීන් ද සිල්වා නම් කිරීමට අපි විරෝධය දැක් වූයෙමු.එසේම ඊට කේෂ්ත්‍රය ඇතුළෙන් ද විවෙචන එල්ල විය.මේ වන විට හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කර ඇති ඔම්බුඩ්ස්මන්වරයා වෙත හිටපු නිලධාරි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පනවා දඬුවම් කරන ලෙස ඉදිරිපත් කරන ලද ලිපියේ ද මොහුගේ නම තිබේ.

මේ පදනම මත ද නොදන්නා නමුත් මේ වන විට කේෂ්ත්‍රයේ පහසුකම් සැපයීමට හෝ කුමන හෝ දෙයක් සම්බන්ධයෙන් ඔහු දකින්නට නැති අතර සමහර විට ඇති වී තිබෙන විරෝධයන් හමුවේ ඔහුට වගකීම් පැවරීම සදාචාරසම්පන්න නොවන නිසා ඉහළින් ඔහුව ඉවත් කර හෝ හිටපු හමුදා නිලධාරියෙක් ලෙස ඔහුම වඩාත් විශ්වසනීය තත්ත්වයක් ඇති කිරීම සඳහා ඉවත් වී ඇති බවක් පෙනෙන්නට ඇත.
අප විසින් මීට පෙර සිටම ශ්‍රී ලංකාවේ රගර් කඩා වඅටීමට හේතු වූ සහ ශ්‍රී ලංකාවේ රගර් කීර්තියට හානිකර සිඳුවීමක් වූ පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකාව යටත් වූ සිඳුවීමට අදාළ නිලධාරීන් වෙත දඬුවමක් පැනවිය යුතුය යන මතය වෙනුවෙන් සටන් කළෙමු.ජාත්‍යනතරය විසින් එම දඩ මුදල පනවන අවස්ථාවේ දී නලීන් සිටියේ ලේකම් ධූරයේ බැවින් අප විශ්වාස කළේ යම් කිසි කොටසක් හෝ අදාළ වැරද්දට දායක වූ නිලධාරීන්ගෙන් අය කරගෙන යම් කිසි දඩුවමක් එම පුද්ගලයන්ට ලබා නොදුන්නොත් ආගමන විගමන පණතට අදාළව මන්ත්‍රී ධූරත් අහිමි වන රටක වෙනත් බලපෑම් පදනම් කර ගනිමින් දේශපාලකයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් වරප්‍රසාද ලබා වැරදිකරුවන්ට සැඟවී සිටින්නට ලැබෙන අවස්ථාව නරක පූර්වාදර්ශයක් ලෙසය.
දැන් වසර 10 ක් ඉක්මවා ඇතත් මේ සිදුවීම සම්බන්ධයෙන් අද වන තුරු රටින් සමාව ගැනීමේ කාර්යයක් හෝ නොකර එම වරදට පැන වූ දඩය ශ්‍රී ලංකා රගර් සංවර්ධනයට ජාත්‍යන්තරය වර්ශිකව ලබා දෙන මුදලෙන් කොටස් ලෙස කැපී යන්නට වැඩ කර ඇති අදාළ නිලධාරීන් අදත් රගර් තනතුරුවලට ඇහැ දමමින් ඇත.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැන් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන වැරදි කිරීම සඳහා බය ඇති කිරීම වැදගත්ය.කුමන වරදක් කළත් කෙනෙකු ආරක්ෂා කරනු ඇතැයි සිතා හෝ දැන වැරදි කරන්නට පෙළැඹීම සංස්කෘතියක් වුවහොත් එය වැරදි ආදර්ශයක් ලෙස ඉදිරි පරම්පරාවද ප්‍රයෝජනයට ගනු ඇත.දැනට ද වැරද්දට සැක බිය නැති වන්නේ එම නිලධාරීන් ලංකාවටත් ඉහළ පුටුවල සිටින බැවින් සහ ලංකාවේ රගර් කේෂ්ත්‍රය තුළත් තවමත් නිවැරදි ලෙස යම් යම් කරුණු සම්බන්ධයෙන් මඟ පෙන්වන ශුද්ධවන්තයන් සේ සිය බලය විදහා පාමින් සිටින බැවින්ය.

විශේෂයෙන් ලංකාවේ රගර් ක්‍රීඩාව ක්‍රීඩා සමාජ කිහිපයක බූදලයක් වී තිබීම යම් පමණකින් හෝ නැවතෙන්නට මේ පවතින ප්‍රාදේශීය සංගම්වල ඇති බලය හේතුවන බව අපි පිළිගත යුතු වන්නෙමු.දක්ෂයන් ජාතික තලයට සහ ප්‍රධාන ක්‍රීඩා සමාජ වෙත නතු කර ගැනීමේ මුල් අදියර මේ ප්‍රාදේශිය පාපන්දු ලීග හරහා දක්වන දක්ෂතා අනුව සිඳුවන අවස්ථා ඇත.

වසර සියයකට ආසන්න හෝ ඊට වැඩි ඉතිහාසයක් ඇති ක්‍රීඩා සමාජ කිහිපයක් මේ මොහොත වන විට රග්බි ක්‍රීඩා කරන බව ඇත්තක්ය.ඒ ස්ථීර ක්‍රීඩා සමාජ අතර සිටින ලාබාලතම සාමාජිකයා ඊට එක් වී ඇත්තේ 1962 දී ය.ඒ යුද හමුදා කණ්ඩායමය.එහෙත් පළමු පෙළට විවිධ සමාජ දක්ෂතා සහ දේශපාලනික පදනම මත ද දක්ෂයන් රොක් කර ගනිමින් අවස්ථා කිහිපයක් ද දකින්නට ලැබෙයි.එහිදී මහින්දානන්ද අලුත්ගමගේ සබඳතාවය හරහා අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම ද, රාජපක්ෂ දායකත්වය හරහා හම්බන්තොට ෂාර්ක්ස් කණ්ඩායම ද පළමු පෙළ තරග කාණ්ඩයට ඇතුළත් වූ මෑත උදාහරණ ඇත. ඔවුන්ගේ දේශපාලන සබඳතා හරහා දක්ෂයන් සිය කණ්ඩායම්වලට එකතු කර ගන්නටත් හැකි විය.
එහෙත් ඊට වඩා වෙනස් ආකාරයකින් පළමු පෙළට පිවිසීමට පෙර දෙවන පෙළ සූරතාවය ලබන කණ්ඩායම පළමු පෙළට ඇතුළත් කර ගෙන පළමු පෙළ අවසන් කණ්ඩායම දෙවන පෙළට ගෙන ආ යුතුය.පළමු පෙළ සහ දෙවන පෙළ දෙ’අංශයේම ක්‍රීඩාව තරගකාරී සහ ගුණාත්මක මට්ටමෙන් ඉහළ යාමට හේතුවන එම කාරණය සඳහා ප්‍රාදේශීය ලීගයන් පෝෂණය කර ඔවුන් හරහා මේ ක්‍රීඩා සමාජ පරිපාලනය කිරීම වැදගත් පියවරකි.එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයට කියන කරුණුවලදී රගර් සම්බන්ධයෙන් පවසන්නේ ක්‍රීඩා සමාජවල ඉල්ලීමට ධන ලකුණක් යොදා ගෙන බව පැහැදිළිය.

එහෙත් අමාත්‍යවරයාම මේ මොහොතේ අත් විඳිමින් සිටින්නේ වලලටත් එහා පාත දුම්බරින් ඔලිම්පික් යන්න එන තරුශි ය.පරකඩුවෙන් මතු වෙන නදීශා දිල්හානි ලේකම්ගේය.කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ගම්වලින් මතුවන පුංචි ක්‍රීඩිකාවන්ගේ විස්මිත දස්කම්ය.ගමේ ක්‍රීඩාවට පහසුකම් දීමේ අවශ්‍යයතාවය ක්‍රීඩා අමාත්‍යතුමා පවසමින් සිටින අතරේම රගර් සම්බන්ධයෙන් ක්‍රිඩා සමාජ අටකට හිරවීමේ වැදගත්කමක් ගැන අමාත්‍යවරයා හිතන්නේ නැත.ඒවා හිතවිය හැකි හිතවතුන්ගේ ඇන්දිලිය.
අමාත්‍යවරයාගේ යම් යම් නීතිමය කාරනාවන් හී දී මැදිහත් වන පුද්ගලයන්ගේ වැඩි වෘත්තීය පළපුරුද්ද වෙන් කිරීම වූ විට රගර් ගැන දෙන උපදෙසක් වුව කණ්ඩායමක් දෙපසකට වෙන් කිරීමේ වැදගත්කමමේ අපේක්ෂාවෙන් පිරී යන්නට ඉඩ ඇත.ඒ ඔවුන්ට අත්දැකීමෙන් ඇති වාසි සහගත ලාභ සහගත තත්ත්වය එන්නේම වෙන්වීම සහ වෙනස්වීම පදනම් කර ගෙන නිසාය.යම් යම් නීතිමය කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිට එය තමන්ට සහ තමන්ට හිතවත් අයට අවශ්‍යය පරිදි සිඳු කරන එම පුද්ගලයින් දුරකතනයෙන් පවසන එහි ප්‍රතිපල සමහර විට රටේ ප්‍රධාන රගර් ක්‍රීඩා සමාජවලදී වචන සේ රහ මෙර රස මුසු කර ගලා යන්නේ අමාත්‍යරයාගේ කීර්තියට ද හානි වන අයුරෙන්ය.

වඩාත් වැදගත් තමන්ගේ හිතවතාගේ උපදෙස තරමටම භාහිරෙන් පෙනෙන රූපය ගැන හරීන් ප්‍රනාන්දුට අවබෝධයක් තිබීමය.එසේ නොවුණු විට තැනෙක සීරුවෙන් ද තවත් තැනෙක අසීරුවෙන් ද සිටගෙන සිටින බව ද දැනීම නැවත්විය නොහැකිය.මේ තරමට අඟේ සිට කණේ රස සොයන පිරිස් අතරේ පහසුවෙන් ඇවිද යාමට හරීන් ප්‍රනාන්දු තමන්ගේ ප්‍රතිපත්තමය දේශපාලනයේ පිහිටා ගමේ ක්‍රීඩාව සහතික කරද්දී ඒ ප්‍රතිපත්තයෙක්ම රග්බි ට්‍රයි එකත් ප්‍රාදේශිය ලීග වෙත ලකුණු ලැබෙන සේ තබා,ලෝකයට එහි වටිනාකම පැහැදිළි කර දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

එසේම මේ වන විට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රගර් සම්බන්ධයෙන් හොඳ තීරණයක නිවැරදි තැනකට ඒමට උත්සාහ කරමින් සිටින බව දකින්නට ඇත.එය රගර් වෙනුවෙන් ආදර්ශමත් අනාගතයට වටින ලෙස නිමා වන එකක් වනු ඇතැයැ ද අපි විශ්වාස කරන්නෙමු.එහි කාටත් සර් කියන නලීන් මිස් වීම ද අපි දකින්නේ හොඳ ලකුණක් හැටියටය.මන්ද ඇමතිවරු නිලධාරි බොහෝ විට තමන් වටේ ඉන්න හිතවතුන්ගේ සංගම්වලට අනුව කරුණු තේරුම් අරගෙන කවුරුන් හෝ ඉදිරිපත් කරන අදහසකදී ඒ අදහස දරන්නා නොදන්නා බව සිතා කටයුතු කිරීම ලංකාවේ දේශපාලකයන්ගේ ද නිලධාරීන්ගේ ද විලාසිතාවක් වන බැවිනි. තවත් පැත්තකින් වරප්‍රසාද අපේක්ෂාවෙන් අමාත්‍යවරයාගේ,නිලධාරියාගේ හිතවත්කම සහ විශ්වාසය අයථා ලෙස භාවිතයට ගන්නෝ ද හිඟ නොවෙති.එවැනි තත්ත්වයක අපට දකින්නට තිබෙන “සර්ගේ මිස් වීම” එසේ නොවී වගකීමෙන් කරුණු අධ්‍යයනය කර ගත් තීරණයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan