ස්වභාව ධර්මය කැළඹිලා ද? ඉරානයට රිච්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක්!

Date:

සටහන – පුලී
ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සිකුරාදා(ඊයේ) සවස ඉරානයේ උතුරු-මැද පළාතක් වන සෙම්නාන්හි රිච්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ජූනි 20 වන සිකුරාදා රාත්‍රී 21.19 ට (දේශීය වේලාවෙන්) සෙම්නාන් පළාතේ දිස්ත්‍රික්කයක් වන සෝර්කේ අවට ප්‍රදේශය රික්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක් ඇති විය,” ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) වාර්තා කර තිබුණි.

භූමිකම්පාව සෝර්කේ සිට කිලෝමීටර් 17 (සැතපුම් 10.6) ක් සහ සෙම්නාන් නගරයේ සිට කිලෝමීටර් 36 (සැතපුම් 22.4) ක් දුරින් සිදු වූ බව වැඩිදුරටත් පැවසීය.

භූමිකම්පාවෙන් සිදුවිය හැකි හානි පිළිබඳ වාර්තා තවමත් නිකුත් කර නොමැති අතර ඉරානය භූ කම්පන ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති අතර මෑත වසරවලදී භූමිකම්පා රැසකට ද මුහුණ දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...