ඖෂධ හිඟයක් නැතැයි ඇමති කෙහෙළිය කී කතාවට GMOA වෙතින් පිළිතුරු (VIDEO)

Date:

අවශ්‍ය තරම් ඖෂධ තොග තමන් සතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවත් ගැටලුව වන්නේ එකී ඖෂධ තොග රෝහල්වල තිබෙන්නේද යන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා මේ ඖෂධ ඇති තරම් තොග එතුමා සතුව තියෙනවා කියලා. එතුමා සතුව ඖෂධ ඇති තරම් තොග තිබ්බාට රෝහල්වල ඒ ඖෂධ තොග තියෙනවාද කියන එක තමයි ගැටලුව. එහෙම තියෙනවා නම් බෙදාහැරීමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ වෙනකොට මම උදාහරණයක් හැටියට ගත්තොත් ජාතික අක්ෂි රෝහලේ ඖෂධවලින් ප්‍රතිජීවක ඖෂධ එක වර්ගයක් පමණයි තියෙන්නෙ. ඖෂධ වර්ග රාශියක ලැයිස්තුවක් මේ රෝහල්වල අවසන් වෙමින් පවතිනවා සහ අවසන් වී ඇති බවට කරුණු අපි තහවුරු කරගෙන තියෙනවා. ඖෂධ සම්බන්ධයෙන් මේ වෙනකොට රජයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට විදේශ ආධාර ලැබෙමින් පවතිනවා, ඒ වගේම මුදල් අමාත්‍යංශය මගිනුත් මුදල් ලැබිලා තියෙනවා කියනවා. ඉන්දියානු ආධාර යටතේත් ඖෂධ ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා කියනවා. හැබැයි මෙහි දැඩි ප්‍රමාදයක් තියෙනවා මේ ඖෂධ ලැබීමට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ තියෙනවා නම් බෙදාහැරීම ඉක්මනට කරන්න”

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...