ඖෂධ හිඟයක් නැතැයි ඇමති කෙහෙළිය කී කතාවට GMOA වෙතින් පිළිතුරු (VIDEO)

Date:

අවශ්‍ය තරම් ඖෂධ තොග තමන් සතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවත් ගැටලුව වන්නේ එකී ඖෂධ තොග රෝහල්වල තිබෙන්නේද යන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා මේ ඖෂධ ඇති තරම් තොග එතුමා සතුව තියෙනවා කියලා. එතුමා සතුව ඖෂධ ඇති තරම් තොග තිබ්බාට රෝහල්වල ඒ ඖෂධ තොග තියෙනවාද කියන එක තමයි ගැටලුව. එහෙම තියෙනවා නම් බෙදාහැරීමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ වෙනකොට මම උදාහරණයක් හැටියට ගත්තොත් ජාතික අක්ෂි රෝහලේ ඖෂධවලින් ප්‍රතිජීවක ඖෂධ එක වර්ගයක් පමණයි තියෙන්නෙ. ඖෂධ වර්ග රාශියක ලැයිස්තුවක් මේ රෝහල්වල අවසන් වෙමින් පවතිනවා සහ අවසන් වී ඇති බවට කරුණු අපි තහවුරු කරගෙන තියෙනවා. ඖෂධ සම්බන්ධයෙන් මේ වෙනකොට රජයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට විදේශ ආධාර ලැබෙමින් පවතිනවා, ඒ වගේම මුදල් අමාත්‍යංශය මගිනුත් මුදල් ලැබිලා තියෙනවා කියනවා. ඉන්දියානු ආධාර යටතේත් ඖෂධ ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා කියනවා. හැබැයි මෙහි දැඩි ප්‍රමාදයක් තියෙනවා මේ ඖෂධ ලැබීමට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ තියෙනවා නම් බෙදාහැරීම ඉක්මනට කරන්න”

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!