Home විදෙස් ට්‍රම්ප් කියුබාව වෙත හැරෙන ලකුණු? මෙක්සිකෝව, ස්පාඤ්ඤය සහ බ්‍රසීලය කියුබාවේ ස්වෛරීභාවය ආරක්ෂා...

ට්‍රම්ප් කියුබාව වෙත හැරෙන ලකුණු? මෙක්සිකෝව, ස්පාඤ්ඤය සහ බ්‍රසීලය කියුබාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරන ලෙස ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අඛණ්ඩ පීඩනය මධ්‍යයේ කියුබාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරන ලෙස මෙක්සිකෝව, ස්පාඤ්ඤය සහ බ්‍රසීලය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා ඇත.

අද(19) බාර්සිලෝනා හි රැස්වූ වාමාංශික නායකයන්ගේ සමුළුවකදී මෙක්සිකෝව, ස්පාඤ්ඤය සහ බ්‍රසීලය මේබව ප්‍රකාශ කර තිබු අතර මෙම රටවල් කියුබානු ජනතාව මුහුණ දෙන මානුෂික අර්බුධය සම්බන්ධයෙන් සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති ට්‍රම්ප් විසින් ජනවාරි මාසයේ සිට කියුබාවට වෙනිසියුලාවෙන් තෙල් ආනයනය තහනම් කර ඇති අතර ඔහු අනෙකුත් රටවලට කියුබාවට තෙල් ලබා දෙන්නේ නම් සම්බාධක පැනවීමට ද තර්ජනය කර ඇත.

මෙත් සමඟ කියුබාව තුළ ඉන්ධන හිඟය සහ බලශක්ති බිඳවැටීම් ඇති වී ඇත. එමන්ම ජනාධිපති ට්‍රම්ප් කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඉවත් කිරීම වෙනුවෙන් පැහැදිලි උත්සාහයක් ලෙස දිවයිනේ කොමියුනිස්ට් රජය මත පීඩනය වැඩි කර ඇත.

ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්, අගමැති පේද්‍රෝ සැන්චෙස් සහ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා නියෝජනය කරන මෙක්සිකෝව, ස්පාඤ්ඤය සහ බ්‍රසීලය යන රජයන්, ජාත්‍යන්තර නීතියට පටහැනි ඕනෑම ක්‍රියාවකට එරෙහිව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර කියුබානු ජනතාවගේ දුක් වේදනා සමනය කිරීම අරමුණු කරගත් අපගේ මානුෂීය ප්‍රතිචාරයේ වැඩි වීමක් සම්බන්ධීකරණය කිරීමට අපි කැපවී සිටින බව නිවේදනය කර ඇත.