ඩීසල් – පෙට්‍රල් අර්බුදය විසඳෙන ලකුණු? (VIDEO)

Date:

මෙරටට පැමිණීමට නියමිත ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙක එළඹෙන 23 වැනිදා දිවයිනට පැමිණිය හොත් පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් ලැබෙනු ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත සිල්වා මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ අනුව එම නව්දෙක පැමිණිය හොත් ඉන්ධන බෙදා හැරීම යථාතත්ත්වයට පත්කර ගත හැකි වනු ඇති බවයි සිල්වා මහතා සඳහන් කළේ.

මෙම මේ සතිය ආරම්භ වන විට ටැංකි රථ 100ක් 150ක් පමණ ධාවන වීම සිදු වූ බවත් ඩීසල් බෙදා හැරීම ආරම්භ වීම නිසා ටැංකි රථ 200ක් 250ක් අතර ප්‍රමාණයක් ධාවනයට එක්ව තිබෙන බව සිල්වා මහතා කියා සිටියේය.

කෙසේවෙතත් 23 වැනිදා වන විට ඉන්ධන නැව් පැමිණීම සිදුවුවහොත් දිනකට ටැංකි රථ 350ක් 400ක් ධාවනය ආරම්භ වී එම බෙදා හරිම කටයුතු සාමාන්‍ය දිනයක සිදුවන ආකාරයට කටයුතු සිදුවනු ඇති බවට ඔහු විශ්වාසය පළකරන ලදී.

මෙහිදී ඇනවුම් කර තිබෙන ඉන්ධන ලැබුණොත් සතියක පමණ කාලයක් තුළ දිගු පෝලිම් ක්‍රමය නැති කළ හැකි බවත් එය සිදුකිරීමට නම් නිසි කළමනාකාරීත්වයකින් එය සිදුකළ යුතුව ඇති බවයි සිල්වා මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...