මාලියේ ශෝකාලාපය; සිවිල් වැසියන් 100ක් මරුට

Date:

මධ්‍යම මාලි රාජ්‍යයේ සන්නද්ධ කැරලිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයකින් සිවිල් වැසියන් 100කට වැඩි ප්‍රමාණයක් මිය ගිය බව රජය විසින් නීවේදනයක් නිකුත් තරමින් ප්‍රකාශ කර තිබේ.

රජය ඊයේ දින ප්‍රකාශ කර තිබුණේ අල්කයිඩාවට අනුබද්ධ සංවිධානයක් වන Katiba Macina සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා සහ ඉරිදා දෙදින තුළ මධ්‍යම මාලි රාජ්‍යයේ මොප්ට් කලාපයේ අවම වශයෙන් ගම්මාන තුනකට පමණ පහර දී ඇති බවයි. දිගු කලක් අනාරක්ෂිත භාවයේ ගිලී සිටි මධ්‍යම මාලි ප්‍රාන්තයේ Diaweli සහ Dessagou දෙකෙහි සිවිල් වැඩියන් මෙලෙස ඝාතනයට ලක් වී තිබේ. මෙම වසර ආරම්භයේ සිට මධ්‍යම හා උතුරු මාලියේ ප්‍රහාර වලින් සිවිල් වැසියන් සිය ගණනක් මියගොස් ඇත.

බෑන්කාස් නගරාධිපති මවුලේ ගින්ඩෝ විසින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබුණේ සිදුවූ දේ නිශ්චිතව දැන ගැනීමට විමර්ශකයන එම සිථානයේ පසුවන බවයි.

අල්කයිඩා සහ අයිඑස්අයිඑස් සන්නද්ධ කණ්ඩායම්වල සමූළ ඝාතන හේතුවෙන් 2012 වසරේ සිට මාලි රාජ්‍ය අනාරක්ෂිතව ඇත.

මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම ට්විටර් හි මෙම ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ අන්තවාදී කණ්ඩාම් විසින් මධ්‍යම මාලියේ සිවිල් වැසියන්ට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව කනස්සල්ලට පත් වන බවයි. මෙම ප්‍රහාරයෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක්ද මිය ගොස් ඇති අතර සාම සාධක භටයින්ට පහර දීම ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධයක් බව මාලි හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල ප්‍රධානී ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙය එක්සත් ජාතීන්ගේ මාරාන්තික සාම සාධක මෙහෙයුම බවට පත්ව ඇති බව නිලධාරීහු පවසති.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...