ඉන්දියාවේ ගංවතුර; මිලියන ගණනක නිවාස හා සිහින විනාශ කරයි!

Date:

ඇසෑම් ප්‍රාන්තයේ ජීවන රේඛාව ලෙස හඳුන්වන බ්‍රහ්මපුත්‍ර ගංගාවේ සාරවත් ගං ඉවුර අසල ජීවත් වන මිලියන ගණනකගේ ජීවිත හා ජීවනෝපායන් අවස්ථා ගණනාවකදී ගංවතුර පුරුද්දක් ලෙස විනාශ කරයි.

මේ වන විට පවතින ගංවතුර තත්වයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර  මිලියන ගණනක් දෙනාගේ නිවාස හා දේපළ වලට හානි සිදු වී තිබේ. බොහෝ දෙනෙකුට ඇත්තේ ඇඳිවත පමණි. ආහාර හා ජලය නොමැතිව මොවුන් විශාල පීඩාවකට පත්ව ඇත. එමෙන් ම මිනිසුන් සිය ගණනක් ඔවුන්ගේ නිවෙස්වල සිර වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇසෑම් ප්‍රාන්තයේ රජය අවතැන් වූවන් සඳහා සහන කඳවුරු 1,147ක් විවෘත කර ඇතත්, බලධාරීහු ප්‍රකාශ කරන අතර ගංවතුරෙන් විපතට පත් සෑම කෙනෙකුටම පානීය ජලය සහ ආහාර සැපයීමට නොහැකි වී ඇති බවයි. අඛණ්ඩ වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් සමහර ප්‍රදේශවලට ළඟාවීම පවා අභියෝගයක්ව ඇති බවත්, මාර්ග පද්ධතිය ජලයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, රජයේ ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කර තිබේ.

දේශගුණික විපර්යාස, පාලනය නොකළ ඉදිකිරීම් කටයුතු මෙන්ම වේගවත් කාර්මිකකරණය වැනි සාධක මේ කෙරේ බලපා ඇති බව විශේෂඥයින් පවසයි.
ඇසෑම් ප්‍රාන්තය මෙතරම් දරුණු ගංවතුරකින් පොරබදමින් සිටින දෙවන අවස්ථාව මෙයයි. මින් පෙර මැයි මාසයේදී ගංවතුර තත්වයක් ඇති වූ අතර එමඟින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගියේය.

ඇසෑම් හි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන ගුවාහාටි හි අසල්වැසි ප්‍රදේශ සුන්බුන් බවට පත් වී ඇත. සාමාන්‍යයෙන් සහල් සහ වී වගා කළ සශ්‍රීක කෙත්වතු විශාල මඩ හා සුන්බුන් බවට පත්ව ඇත.පාසල්, රෝහල්, පන්සල් හෝ මුස්ලිම් පල්ලි කිසිවක් පෙනෙන්නට නැති බවත්, මිනිසුන් ගමන් කරන්නේ කෙසෙල් කොළ සහ උණ බම්බු වලින් සාදන ලද බෝට්ටු වලින් බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි.

තත්වය අතිශය භයානක බව ප්‍රකාශ කරන කාලගුණ දෙපාර්තමේන්තුව සාමාන්‍ය මට්ටමට වඩා 109% වර්ෂාපතන වේගයක් මේ වන විටත් ලැබී ඇති බව වාර්තා කරයි.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක්!

කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට...

මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත...

කොළඹ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වෙලා!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ...

මෝය කටවල් නොකැපීම නිසා ගංවතුර තත්වය තවත් උඝ්ර වෙන ලකුණු ?

කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ වැනි ප්‍රධාන ගංගාවල...