සජිත්ගෙ ආණ්ඩුවක් ආවොත් හෙට තෙල් ගේන්න පුලුවන්

Date:

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් තෙල් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා පවසන්නේ එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කිසිදු රටක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරිපත් නොවන බවයි. එකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා, රටතුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර තිබෙන බවට ජාත්‍යන්තරයට සුබවාදී පණිවුඩයක් ලබාදීම බවද ඔහු සඳහන් කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් සහන ණය යටතේ මැද පෙරදිග රටවලින් ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවන බවත් මැද පෙරදිග රටවල පමණක් නොව යුරෝපා රටවලද සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...